Tuesday, February 28, 2012

රජය හිතාමතාම සන්නිවේදන දීමනාව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Written by Admin on 28 පෙබරවාරි 2012


වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව ගෙවීම ඇතැම් සෞඛ්‍ය ආයතනවල සිටින නිලධාරීන් විසින් හිතාමතා අතපසු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඔවුන් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම දීමනාව ලබන මාර්තු 03 වන දින වන විට අනුමැතිය ලබාදී නොමැති එහෙත් ඒ සඳහා හිමිකම් සහිත සියලු අයදුම්පත් සඳහා නියමිත අනුමැතිය ලබාදිය යුතු බවටත් මේ වන විට අනුමැතිය ලබාදී ඇති එහෙත් ගෙවීම් ආරම්භ කර නොමැති සියලු වෛද්‍යවරුන් සඳහා වහාම ගෙවීම් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය පවසයි.

expresspuwath.com

No comments:

Post a Comment