Sunday, February 19, 2012

එන්නත් නොමැතිවීමෙන් දරුවෝ මියයති

Sunday, 19 February 2012 00:47
ශ්රියාණි විජේසිංහ
බලධාරීහු චෝදනා ප්රතික්ෂේප කරති
හෘදයේ යම් ආබාධයක් ඇතිව උපදින දරුවන්ට සිදුකෙරෙන       සැත්කම්වලදී භාවිතා කරන 'ප්රොස්ටෝ ග්ලෑන්ඩියින්' නමැති එන්නත නොමැතිවීමෙන් එම දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් අරංචිමාර්ග සඳහන් කර සිටි.
හෘදයට නිසි පරිදි රුධිර ගමනාගමනය මගින් ඔක්සිජන් නොලැබෙන්නේ නම් එවැනි  දරුවන් උපතින්ම 'නිල්' පැහැගැන්වෙයි. එවිට එම දරුවන් සැත්කමට ලක් කිරීමට ප්රථම සේලයින් හා මිශ්රකර  ප්රොස්ටෝ ග්ලෑන්ඩියින් නමැති ඖෂධය ලබාදේ.

එවිට දරුවාගේ හෘදයට හොඳින් රුධිරය සැපයෙන බැවින් සැත්කම ආරම්භ කළ හැකි බව කරාපිටිය රෝහලේ ‍‍‍ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක්  සඳහන් කළේය.
නමුත් දැනට මාස ගණනාවක සිට මෙම ඖෂධය නොමැති වීමෙන් හෘදයේ ආබාධ සහිතව  උපදින දරුවන් සැත්කම්වලට භාජනය කිරීමට නොහැකිව මියගිය බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම එන්නත පෞද්ගලික අංශය පවා නොමැති වීම බරපතළ තත්ත්වයක් බවද රෝහල් අරංචිමාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලක්බිම ඉරිදා  සංග්රහය වෛද් සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද් කමල් ජයසිංහගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ මෙම එන්නත අවශ් තරම් වෛද් සැපයුම් අංශයේ ගබඩා තුළ තිබෙන බවත්, ඉල්ලුම් කරන රෝහල්වලට එය නොපමාව ලබාදෙන බවත්ය.
lakbima.lk

No comments:

Post a Comment