Wednesday, February 1, 2012

ආණ්ඩුවේ මර්දනය ගැන හෙද නිලධාරීන්ගෙන් චෝදනා

February 1, 2012  12:02 pm
සෞඛ්‍යය වෘත්තීය සමිති මර්දනයට සෞඛ්‍යය බලධාරීන් කටයුතු කරමින් සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
රජයේ මෙම ක්‍රියා මාර්ග නිසා සිය සේවක අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ඔවුන් කියා සිටියි.
සෞඛ්‍යය බලධාරීන් ගෙන යන මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වීමට බලාපොරොත්තු වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ඒ සඳහා සිය සංගමයේ විශේෂ කමිටු රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඔහු අද දෙරණට කියා සිටියේය.
අනුව හෙට දිනයේ අදාළ රැස්වීමේදී ඉදිරියේදී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
fmderana

No comments:

Post a Comment