Wednesday, February 22, 2012

මුලතිව් මහ රෝහල සංවර්ධනයට දසලක්ෂ 118 ක්.

2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 01:37


මුලතිව් මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් දශලක්ෂ 118 ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ එක්සත් ජනපද රාජ්‍ය නොවන ආයතනයක් වන ඇමරිකෙයාර්ස් ජාත්‍යන්තර සංවිධානය විසින්. කොටි ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමූ මුලතිව් රෝහලේ සංවර්ධන කටයුතු තවදුරටත් ඉහළ නැංවීම සඳහායි මෙලෙස ආධාර ලබාදෙන්නේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබුණු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

hirunews

1 comment:

  1. ඒක හොඳයි. ඒත් ගසා කාලා ඉවර උනාම කීයක් ඉතුරුවෙයිද දන්නේ නැ.

    ReplyDelete