Friday, February 17, 2012

විශ්වවිද්‍යාලවල කලාඅංශයට ඇතුල්වන සිසුන් සඳහා හෙද උපාධියක්

2012 පෙබරවාරි 17 වෙනි සිකුරාදා, 08:30


(කොළඹ, ලංකාපුවත්) සමස්ත අධ්යාපනය තුළටම ජාත්යන්තරව පිළිගත් සුදුසුකම් රාමුවක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බව උසස් අධ්යාපන අමාත් එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්යවරයා සඳහන් කරන ලද්දේ එමඟින් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි නිසි ලෙස ලබාදීමටත් අනවශ් පරිදි යම් යම් පෞද්ගලික ආයතන මගින් ලබාදෙන ප්රමිතියෙන් තොර ඩිප්ලෝමා, උපාධි නියාමනය කිරීමටත් කටයුතු කරන බවයි.

එසේම ඉංග්රීසි විශේෂ උපාධියක්, ත්රෛභාෂා විශේෂ උපාධියක්, තොරතුරු තාක්ෂණ විශේෂ උපාධියක්, හෙද උපාධියක් වැනි පාඨමාලා විශ්වවිද්යාලවල කලාඅංශයට ඇතුල්වන සිසුන් සඳහා ලබාදීමටට සැළසුම් සකස් කෙරේ.

මීට අමතරව සියලු සිංහල හා දෙමළ පාඨමාලා ඉංග්රීසි මාධ්යයෙන් ආරම්භ කිරීමට නියමිත .

No comments:

Post a Comment