Sunday, February 26, 2012

වෛද්‍ය පර්යේෂණායතනය ජාතික මට්ටමට ගේන්න - රවි කුමුදේශ්

ඩෙංගු පාලනය සඳහා අවම වශයෙන් වෛද්‍ය පර්යේෂණායතනය ජාතික මට්ටමේ රසායනාගාරයක් ලෙස සංවර්ධනය කළ යුතු යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
වර්තමානයේ ‍ඩෙංගු ආසාදිත යැයි සැක පහළ ව ඇති අයෙකුට ඒ සඳහා වන පරීක්ෂණයන්ට භාජන වීමට නිසි ප්‍රමිතියකින් යුන් රසායනාගාර නොවීම ප්‍රබල අර්බුදයක් වී තිබේ.
ඇතැම් වෛද්‍ය පර්යේෂණායතන නිලධාරීන් සිය පුද්ගලික රසායනාගාර වෙත රෝගීන් ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයක් වෙනුවෙන් තත්ත්ව පාලනය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කළ ද එය සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි වියදමක් හා අසාධාරණ තත්ත්වයකි.
එබැවින් නිරන්තර ඩෙංගු වසංගතයක් ලෙස ව්‍යප්ත වන දිස්ත්‍රික් කිහිපය තුළ හෝ නිසි ප්‍රමිතියෙන් යුත් පර්යේෂණ ජනතාවට දැරිය හැකි මිලට සිදු කළ හැකි රසායනාගාර පිහිටුවීමේ වැදගත්කම හෙතෙම පෙන්වා දේ.
asianmirror.lk

No comments:

Post a Comment