Tuesday, February 7, 2012

පරිපූරක වෛද්යv වෘත්තික වර්ජනය 29 දා තෙක්‌ අත්හිටුවයි

ඒමන්ති මාරඹේ
සේවා ඉල්ලීම් නවයක්‌ මුල් කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙම 8 හා 9 යන දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය මෙම මස 29 දා දක්‌වා අත්හිටුවීමට පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්‌ඩලය තීරණය කර තිබේ.
සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම සඳහා බලධාරීන්ට තවදුරටත් කල් ලබා දීමේ අරමුණින් වර්ජනය අත්හිටවූ බව එම බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවසීය. ඉකුත් පෙබරවාරි පළමුවැනිදා පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ නියෝජිතයින් හා වැටුප් හා සේවක කොමිසමේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් නොලැබුණ බව කී පරිපූරක වෛද්‍ය වෘත්තික ඒකාබද්ධ බල මණ්‌ඩලයේ ලේකම්වරයා මෙම 29 වැනිදා වන විටද ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් අත්හිටවූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය නැවත ක්‍රියාත්මක කිරීමට පෙරේදා (05 දා) පැවැති බලමණ්‌ඩලයේ මහ සභා රැස්‌වීමේදී තීරණය වූ බව අවධාරණය කළේය.

divaina 2012.02.07
 

No comments:

Post a Comment