Tuesday, February 7, 2012

ඖෂධ අධිකාරියෙන් "දැයට කිරුළ"ට සමගාමීව සිදු කළ මෙහෙයුමකින් ලක්ෂ 12 ක්‌ වටිනා උපකරණ ඇතුළු සැකකරුවන් අත්අඩංගුවේ

ප්‍රභාත් විතාන
දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ඖෂධ පරීක්‍ෂකවරුන් විසින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඖෂධ විකිණීම සිදු කරන තොග හා සිල්ලර වෙළෙඳසල්වල සිදු කළ හදිසි මෙහෙයුමකදී විලවුන් උපකරණ හා ඖෂධ පනත උල්ලංඝණය කරමින් භාණ්‌ඩ අලෙවි කළ රුපියල් ලක්‍ෂ 12 ක්‌ වටිනා ඖෂධ හා සැකකරුවන් සමග වෛද්‍ය උපකරණ රැසක්‌ අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඖෂධ ශාලා, රූපලාවන්‍යාගාර සහ විලවුන් අලෙවි කරන ස්‌ථාන පරීක්‍ෂාවට ලක්‌ කර ඇති අතර එහිදී බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ඖෂධ ශාලා 2 ක්‌, වෛද්‍ය වට්‌ටෝරු නොමැති ඖෂධ නිකුත් කළ ඖෂධ ශාලා 02 ක්‌, සනීපාරක්‍ෂාවට අහිතකර ලෙස දුවිල්ලට නිරාවරණය වන ලෙස ඖෂධ, ශල්‍ය උපකරණ හා එන්නත් කටු ගබඩා කළ ඖෂධ ශාලාවක්‌, නියමිත තත්aතවයන්ට පටහැනිව ඖෂධ ප්‍රවාහනය කළ රු. ලක්‍ෂ 10 ක්‌ වටිනා ඖෂධ, නියමිත උෂ්ණත්ව පරාසයට පටහැනිව ශීතකරණයක ගබඩා කර තිබූ රු. ලක්‍ෂ 2 ක්‌ වටිනා ඖෂධ පසුගියදා සිදු කළ මෙම හදිසි වැටලීමේදී අත්අඩංගුවට ගැනීමට ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරු සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් ඖෂධ, වෛද්‍ය උපකරණ හා සැකකරුවන් අනුරාධපුර හා කැකිරාව මහසේත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ මෙහෙයවීම මත ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන අමිත් පෙරේරා, මහින්ද සිරිකුමාර, අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්‍ෂක ආනන්ද වේරගොඩ, ඩී. එම්. කරුණාරත්න, පොළොන්නරුව ආහාර හා ඖෂධ පරීක්‍ෂක ඩබ්ලිව්. ජී. ජයතිලක යන මහත්වරු විසින් මෙම ඖෂධ, සැකකරුවන් හා උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.
divaina 2012.02.08

No comments:

Post a Comment