Tuesday, February 7, 2012

ස්‌නායු ශල්යm විශේෂඥ සමුළුවට ඇමැති මෛත්රීරපාල ඇමරිකාවට යයි

ඇමරිකා එක්‌සත් ජනපදයේ පැවැත්වෙන ස්‌නායු ශල්‍ය විශේෂඥයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනේ බැහැරව ගොස්‌ තිබේ.
ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ආරාධනයක්‌ පරිදි වොෂිංටන් නගරයේ පැවැත්වෙන ඉහත සමුළුවට සෞඛ්‍ය ඇමැතිවරයා සහභාගී වන අතර එහිදී ශ්‍රී ලංකාව ස්‌නායු ශල්‍ය අංශයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබව විශේෂ දේශනයක්‌ද පැවැත්වීමට නියමිතය. එසේම මෙරට ස්‌නායු ශල්‍ය අංශවල සංවර්ධනය සඳහා එක්‌සත් ජනපදයේ වෛද්‍ය විශේෂඥයන්ගෙන් ලබා ගත හැකි තාක්‍ෂණික සහාය පිළිබඳවද සාකච්ඡා කිරීමට අපේක්‍ෂිතය. එරට රෝහල්වල දැනට ක්‍රියාත්මක ස්‌නායු ශල්‍ය ප්‍රතිකාර සම්බන්ධ නිරීක්‍ෂණ චාරිකාවකටද හෙතෙම සහභාගි වීමට නියමිතය.

divaina 2012.02.07

No comments:

Post a Comment