Friday, February 24, 2012

හෙද සංග‍මයේ ඉල්ලීම් ලබා දීමට රජයේ එකඟතාව පළවේ

2012 පෙබරවාරි 23 වෙනි බ්‍රහස්පතින්දා, 13:09
(කොළඹ -ලංකාපුවත්) හෙද සංග‍මයේ ඉල්ලීම් ගණනාවකට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බැවින් මාර්තු 02 වන දින දිවයින පුරා රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබු හෙද වැඩ වර්ජනය අවලංගු කළ බව රාජ්‍ය සේවා හෙද සංගමය සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්, වැටුප් සේවා කමිටුවේ නිළධාරීන් සමඟ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඊයේ(22) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහිදී හෙද ඉල්ලීම් ගණනාවකට විසඳුම් ලබා ගැනීමට හැකි වු බව හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

හෙදියන්ගේ වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 9000 සිට 13000 දක්වා වැඩි කිරීම, හෙද ආචාර්යවරුන්ට මසකට රුපියල්10000 ක දීමනාවක් ලබා දීම, විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන්ට පළමු අදියර වශයෙන් මසකට රුපියල් 2000ක දුරකථන දීමනාවක් ලබා දීම ඇතුළු ඉල්ලීම් සියල්ල දිනා ගැනීමට හැකි වු බව ද ආනන්ද හිමියෝ සඳහන් කළහ.

No comments:

Post a Comment