Saturday, February 18, 2012

වහාම වැටුප් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා හෙද සංගමය ඉල්ලයි

Saturday, 18 February 2012 03:31
ශ්රියාණි විජේසිංහ

ජීවන වියදම සීග්රයෙන් ඉහළ යමින් පවතින බැවින් වහාම සේවක වැටුප් වැඩි කරන ලෙස රාජ් සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. පසුගියදා වැඩි කරන ලද ඉන්ධන මිල හේතුවෙන් ආහාර ද්රව්, කිරිපිටි, බෙහෙත්, ප්රවාහන ගාස්තු, විදුලි බිල හා ඉදිරියේදී වැඩිවීමට නියමිත ජල බිල හා ගෑස් මිලද සේවක කොටස්වලට දරා ගත නොහැකි බව සංගමයේ සභාපති පූජ් මුරුත්තෙට්ටුවේ  ආනන්ද හිමියෝ සඳහන් කළහ. රාජ් සේවක වැටුප් සංශෝධනය කොට වසර 6ක් ඉක්ම ගොස් ඇති අතර විවිධ දීමනාවන් නියම කොට වසර 10ක් ඉක්ම ගොස් තිබියදීත් රාජ් සේවක වැටුප් සමාලෝචනය නොකර ඇත.
මේ හේතුවෙන් වර්තමාන ජීවන වියදමට ඔවුන්ට මුහුණ දීමට නොහැකිව බරපතළ  ලෙස උග් තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
වර්තමානයේ ලබමින් සිටින වැටුපට අවම වශයෙන් සියයට 42 ක් වැඩි කොට රාජ්  සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට සරිලන වැටුප් ක්රමයක් නිර්දේශ කරන ලෙසද සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
එම නිර්දේශ ලැබෙන තෙක් රාජ්  සේවකයින්ට විශේෂ මාසික ජීවනාධාර  දීමනාවක් වහාම ලබා දෙන ලෙස  රජයට සංගමය  යෝජනා කර සිටී.
lakbima.lk

1 comment: