Tuesday, February 14, 2012

ගැබිනි හෙදියකට අතවර කළ තරුණයා රිමාන්ඩ්

2012 පෙබරවාරි 09 වෙනි බ්‍රහස්පතින්දා, 10:19 Sri Lanka Mirror Editor


Srilankamirror - ගැබිනි හෙදියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයකු මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
හතරේ ඇල පරසන්ගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි විසිහය හැවිරිදි පුෂ්ප කුමාර නැමැති තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සැකකාර තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
හෙදිය ගැබිනියක් බව තහවුරු වී ඇති බවත් මහවිලච්චිය පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මෙලෙස අතවරයට පත්ව ඇත්තේ ඇලයාපත්තුව රජයේ රෝහලේ සේවය කරන හෙදියකි.
ඇය රෝහල ඉදිරිපිට පිහිටි නිල නිවසේ නාන කාමරයේ ස්නානය කරමින් සිට නැවත නිදන කාමරයට පැමිණි අවස්ථාවේ සැකකරු කාමරයට කඩා වැදී මෙම අතවරය සිදු කර තිබේ.

No comments:

Post a Comment