Saturday, February 18, 2012

ළදරු හෘද සැත්කම් සඳහා වන එන්නතක අඩුවක්

2012 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 11:06



හෘදයාබාධ සහිත ව උපදින දරුවන්ට සිදු කරන සැත්කම් සඳහා භාවිත කරන ප්‍රොස්ටෝ ග්ලැන්ඩින් නමැති එන්නත නොමැතිකමින් එම දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට පත් ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාස කිහිපයක සිට එන්නත නොමැතිකමින් හෘදයේ ආබාධ සහිත ව උපදින දරුවන් සැත්කම් සඳහා භාජනය කිරීමට නොහැකි වී මිය ගිය බව ද හෙතෙම අවධාරණය කළේ ය.

අප මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම එන්නත ප්‍රමාණවත් තරම් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බවත් එය ඉල්ලුම් කරන සෑම අයෙකු වෙත ම ලබා දීමට කටයුතු කරන බවත් ය.

හෘදයට නිසි පරිදි ඔක්සිජන් නොලබෙන එවැනි දරුවන් උපතින් ම නිල් පැහැයෙන් දිස්වන බැවින් දරුවා සැත්කමට ලක් කිරීමට ප්‍රථම සේලයින් හා මිශ්‍ර කර මෙම එන්නත ලබා දේ .

asianmirror.lk

No comments:

Post a Comment