Tuesday, February 28, 2012

ජයවර්ධනපුර රෝහල රජයේ මහ රෝහලක්‌ කරන්න - සමස්‌ත ලංකා සුව සේවා සංගමය ඉල්ලයි

සචිනි ගුණරත්න

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල රජයේ රෝහලක්‌ බවට පත්කරන ලෙස සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27 දා) සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමිනි.

ජයවර්ධනපුර රෝහලේ වසර ගණනාවක්‌ තිස්‌සේ පවතින කළමනාකරණ සහ කාර්ය මණ්‌ඩල ගැටලු නිසා ජනතාවට නිසියාකාර සේවයක්‌ නොලැබෙන බව කුමාරසිංහ මහතා මෙහිදී කීය.

රෝහලේ අඩුපාඩු සොයා බැලීමට මහින්ද අමරවීර කමිටුව පත්කළද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද අමරවීර කමිටු වාර්තාවෙහි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කළමනාකරණය සහ පරිපාලනය බිඳවැටීම, රෝහලේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා සහ මුදල් දූෂණ, රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට නිසියාකාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්‌ථාවක්‌ නොලැබීම, කාර්ය මණ්‌ඩල වැටුප්, දීමනා දීමේදී සිදුවන අක්‍රමිකතා යන ආදිය ඇතුළත් වන බවද හෙතෙම පැවසීය.

මෙම කමිටුවෙන් හෙළිදරව් වන කරුණුවලින් 90% කට ලංකා සුවසේවා සංගමය එකඟතාව දක්‌වා ඇතැයි ඔහු කීය.

රෝහලේ පවතින සංවිධාන ව්‍යqහයට අනුව විවිධ අංශවලට අයත් සේවකයන් සිටියත් එය නිසියාකාරව විමධ්‍යගත කොට නැතැයි ලංකා සුවසේවා සංගමයේ ලේකම් කුමාරසිංහ මහතා රජයට චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්‌ත ලංකා සුවසේවා සංගමයේ සභාපති චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජයවර්ධනපුර රෝහලට අලුතින් පත්කළ අධ්‍යක්‌ෂ මණ්‌ඩලය කලින් සිටි අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට වඩා දුර්වල බවයි. එමෙන්ම මේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පත්කර ඇත්තේ දේශපාලන සබඳතා මත බව ඔහු පෙන්වාදෙයි. මේ කාරණාවලට විරුද්ධව සමස්‌ත ලංකා සුවසේවා සංගමය ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක්‌ දියත් කරන බවද ඔහු වැඩිදුරටත්

Divaina 2012. 02. 28

No comments:

Post a Comment