Tuesday, February 28, 2012

පෝෂණය පිළිබඳව පාශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

2012 පෙබරවාරි 27 වෙනි සදුදා, 15:18

(කොළඹ -ලංකාපුවත්) සෞඛ්‍ය අමාත්‍යංශය සතුව මේවන විට සිටින්නේ පෝෂණ විශේෂඥ වෛද්‍යවරු දෙදනෙකු පමණක් බැවින් පෝෂණය පිළිබඳව පාශ්චාත් උපාධි පාඨමාලාව ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.
මේවන විට බෝනොවන රෝග සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ජනතාවට පෝෂණය පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීම ඉතාම වැදගත් බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

පෝෂණ විශේෂඥ වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පශ්චාත් උපාධි ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අවම වශයෙන් පළාත් 09 ‍ට පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන් 09දෙනෙකුවත් සිටිම වැදගත් බව හෙතෙම සඳහන් කළේය.

lankapuvath.lk

No comments:

Post a Comment