Sunday, February 19, 2012

මාතෘ සෞඛ්‍ය උපදේශනය පියවරුන්ටත්.

2012 පෙබරවාරි 18 සෙනසුරාදා- පස්වරු 06:29


ශ‍්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සේවාව සංරක්ෂණය සඳහා පැවති පැරණි උපදේශන මාලාව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ යටතේ මෙතෙක් මාස 3කට වරක් ලබාදුන් සෞඛ්‍ය අධ්‍යාපනික සේවාව නව සංශෝධන යටතේ පළමු මාස 3 දී එකම මාතෘකාව යටතේ දෙවන මාස 3 දී වෙනත් මාතෘකා යටතේත් ලබාදෙනු ඇති.
එසේම මාතෘ සෞඛ්‍ය සායන වෙත පැමිණෙන සෑම මවක්ම තම ස්වාමි පුරුෂයා සමග පැමිණිය යුතුවනවා. දරුවෙක් පිළිසිඳ ගත් ප‍්‍රථම මාසයේ සිටම ශ‍්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සේවා ආරම්භ කෙරෙන අතර මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයන් මාසිකව සොයාබැලීමද විශේෂත්වයක්.
ස්වාමි පුරුෂයා අදාල සායන වෙත සහභාගිවීම තුළින් දරු ප‍්‍රසූතිය සඳහා සූදානම්වන කාන්තාවන්ට අවශ්‍ය රැකවරණය නිවැරදිව ලබාදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. මාතෘ සංරක්ෂනය පිළිබඳව නව සංශෝධන මාලාව ඊයේ (17) සිට හදුන්වා දී ඇති අතර පිරිපුන් දරුවෙකු රටට බිහිකිරීම එහි මූලිකම අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

hirunews.lk

No comments:

Post a Comment