Tuesday, February 7, 2012

කොළඹ අවට ප්රෂදේශවල හොරට බෙහෙත් විකිණූ ඖෂධ හල් වටලා ලක්ෂ ගණනක බෙහෙත් අත්අඩංගුවට

ප්‍රභාත් විතාන
විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් විසින් නුගේගොඩ, නරාහේන්පිට හා බම්බලපිටිය ප්‍රදේශවල සිදුකළ හදිසි වැටලීම්වලදී ඖෂධ පනත උල්ලංඝණය කරමින් අලෙවි කළ හා ගබඩා කර තිබූ රුපියල් ලක්‍ෂ 10 කට අධික ඖෂධ අත්අඩංගුවට ගෙන ඇත.
සනීපාරක්‍ෂවට අහිතකර ලෙස ගබඩා කර තිබූ, වෛද්‍ය වට්‌ටෝරු රහිතව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ, ලියාපදිංචි නොකළ, නියමිත උෂ්ණත්වයට ගබඩා නොකළ, බලපත්‍ර රහිතව ඖෂධ ගබඩා කර තිබූ හා ගබ්සා සඳහා ගනු ලබන බවට සැක කරන ඖෂධ  රැසක්‌ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා පැවසීය.
මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක ඖෂධ හලක්‌ද තිබෙන බවත් එහි වෛද්‍ය වට්‌ටෝරු රහිතව ප්‍රතිජීවක හා බලපත්‍ර රහිතව ඖෂධ අලෙවි කිරීම සිදු කර ඇති බවත් පෙරේරා කියා සිටියේය.
මෙම ඖෂධ හල් පවත්වාගෙන ගිය පුද්ගලයන් හෙට (09 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන ආහාර හා ඔෂධ පරීක්‍ෂක නීතිඥ රංජිත් ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා, එල්. ඩී. ඉන්ද්‍රසේන, අජිත් රෝහණ, සී. එස්‌. ගුරුසිංහ, මහින්දසිරි කුමාර හා නිහාල් ප්‍රේමරත්න යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.

divaina 2012.02.08 

No comments:

Post a Comment