Saturday, February 11, 2012

තමා ඒඩ්ස් වෛරසයට ගොදුරු වී ඇතැයි දැනගත් විට විවිධ අය විවිධ ආකාරයේ ප්රීතිචාර දක්වනවා:වෛද්ය වරයෙකුගේ අත්දැකීම්

2012 පෙබරවාරි 11 වෙනි සෙනසුරාදා, 18:05
සාකච්ඡා කළේ ඉන්දු පෙරේරා
වැදුම්: 310
වෛද්ය් ශාන්ත හෙට්ටිආරච්චි

මාලිංගාශ්රි ත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි සේවය කරන කාලයේ අවුරුදු 55ක පමණ වැඩිහිටි කාන්තාවක් ප්රදධාන රෝහලකින් අප වෙත එවා තිබිණි. ඒ ඇය ඒඩ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී නම් වෛරසයේ ආසාදිතයෙකු දැයි තහවුරු කර ගැනීම සඳහාය.
ඇය කැස්ස සහ නිතර නිතර වැළඳුනු නියුමෝනියාව වැනි පෙනහලු ආසාදන නිසා රෝහල් ගත වී තිබූ අතර කරන ලද ප්රිතිකාරවලින් ස්ථිර සුවයක් ලැබි නොතිබිණි. වරින් වර ඇය මේ ආකාරයට ආසාදනවලට ලක් වූ නිසාත් කරන ලද ප්රනතිකාර වලින් සාර්ථකත්වයක් නෙැලැබුණු නිසාත් ඇයට එච්. අයි. වී. මූලික පරීක්ෂණය ඩ් ඒදබඪඡධඤර ඊඥඵබ (එච්.අයි.වී. රුධිර ප්රවතිදේහ පරීක්ෂණය) සිදුකර තිබිණ. එම පරීක්ෂණය තුළින් ඇයට එච්. අයි. වී. ආසාදනය වී ඇති බව මූලික වශයෙන් සනාථ වීම නිසා කොළඹ මධ්යටම රසායනාගාරයට, එනම් ලිංගාශ්රිනත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය වෙත ඇය යොමුකර තිබුණේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහාය. සාමාන්යදයෙන් එච්.අයි. වී. රුධිර ප්රනතිදේහ පරීක්ෂණයක් රජයේ රෝහලක ලිංගාශ්රිිත රෝග සායනයකින් හෝ පෞද්ගලික සායනයකින් වුවද කරගත හැකිය. එම පරීක්ෂණයේ ප්රනතිඵල මගින් එච්.අයි.වී. ආසාදනය වී ඇති බව සනාථ වුවහොත් එය තහවුරු කිරීමේ පරීක්ෂණයක් සිදු කර යුතු වේ. මෙය කරන්නේ කොළඹ ලිංගාශ්රියත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකයෙහි පිහිටි මධ්යිම රසායනාගාරයෙනි.
මෙම කාන්තාව සඳහා කරන ලද තහවුරු කිරීමේ පරීක්ෂණයෙන් ද ඇය එච්.අයි.වී. ආසාදිතයෙකු බවට ස්ථිර වුණි.
මෙවැනි දෙයක් රෝගියකුට මුල්වරට දැන්වීම බොහෝ සෙයින් බැරෑරුම් කාර්යයකි. සාමාන්යදයෙන් වෛද්යරවරයෙකු එය එකවරම රෝගියාට පවසන්නේ නැත. මුලින්ම රෝගියා සමග පවු‍ලේ තොරතුරු, අනාගත අපේක්ෂාවන් ආදී කාරණා ගැන සාකච්ඡා කර සුදුසු වාතාවරණයක් සකසා ගෙන මේ පණිවිඩය රෝගියාට දැන්වීම සිදු කෙරේ.
මේ කාන්තාව පැවසූ විස්තරවලට අනුව ඇගේ සැමියා ඊට වසර පහකට උඩදී මියගොස් ඇත.
සැමියා ජීවත්ව සිටි කාලයේ තදින් මත්පැන්වලට ඇබ්බැහි වී හිඳ ඇති අතර ඔහු කෙළිලොල් ජීවිතයක් ගත කළ අයෙකි. ඒ අනුව ඔහු වෙනත් කාන්තාවන් ද සමීපව ඇසුරු කර ඇති බව ඇය දැන සිටියාය.
තමා සැමියා හැර වෙනත් කිසිම පිරිමියකු ඇසුරු කර නැති බව ඇය පුන පුනාම මා සමග පැවසූ අතර ඒ අනුව ඇයට මේ රෝගය ආසාදන වන්නට ඇත්තේ සැමියාගෙන් බව පැහැදිලි වුණි. නමුත් සැමියා දැන් මිය ගොසිනි. ඔහු මියගොස් ඇත්තේ එවැනි රෝගයක් ඔහුට තිබෙන බවවත් නොදැනය.
සාමාන්යදයෙන් එච්.අයි.වී. ශරීරගත වූ පසු එහි විවිධ රෝග ලක්ෂණ මතුවන්නට වසර ගණනක් ගත වේ. ඒ අනුව බලන විටත් ඇයට වසර පහකින් පසු එම රෝගය නිසා හටගත හැකි ලක්ෂණ මතුවීම අසාමාන්යබ තත්ත්වයක් වන්නේ නැත. මුලින්ම ඇයට මේ පිළිබඳව සැල කළ විට ඇය කම්පනයට පත්ව තුෂ්නිම්භූතව මෙන් මදෙස බලා සිටියාය. සමහරුන් මෙවැනි අවස්ථාවල දී මහ හ¾ඩින් හඬා වැළපෙන අයුරුද මම දැක ඇත්තෙමි. තවත් සමහරු ගල් ගැසී, පියවි සිහියට පත්විය නොහැකි අයුරින් බලා සිටිති. නමුත් මේ කාන්තාව හැඬුවේ නැත. බිරාන්තව බලා සිටියේ මෙතනින් එහාට කුමක් වෙයිද.? යන පැනය සිතට නැගුණු නිසා විය හැකිය.
“ඔයාට දිගින් දිගටම ප්රනතිකාර කරන්න වෙනවා. ඔයාව කවුරු හරි බලාගන්නත් වෙනවා. ඒ නිසා මේක පවු‍ලේ විශ්වාසවන්ත කෙනෙකුට දන්වන්න ඕනේ..” මම ඇයට කීවෙමි.
“අනේ සර්.. මේ වගේ ලෙඩවලට අපේ ගම් පැත්තේ මිනිස්සු කියන්නේ ‘ජරා ලෙඩ’ කියලා. මං කටක් ඇරලා කොහොමද මගේ ළමයින්ට මේ ගැන කියන්නේ.? ඒ දරුවෝ මට මොනවා නොකියයිද..? ගමේ මිනිස්සු දැන ගත්තොත් අපේ ගෙට ගල් ගහයි.”
ඇය කීවේ කම්පිත ස්වරයකිනි.
එච්.අයි.වී. ආසාදනයට ලක්වන අය වර්ග කිහිපයකට බෙදිය හැකිය.
1. තමන්ගේ කිසිදු වරදක් නැතිව නොදැනුවත්ව ආසාදනය වන අය (ඉහත සිද්ධියේ මෙන්)
2. වැරදි ඇසුරට නිතර යොමු වීම තුළින් ආසාදනය වන අය.
3. විවාහපේක්ෂාවෙන් සිටින පෙම්වතා සමග විශ්වාසය පෙරදැරිව කායික සම්බන්ධතා පවත්වා එමගින් අසාදනයට ලක් වූ අය. (එම පෙම්වතා එච්.අයි.වී. ආසාදිතයකු නම් මෙලෙස සිදුවනු ඇත)
මේ කුමන හේතුවක් මත හෝ එච්.අයි.වී. ආසාදනයට ලක්වූ පසු ඒ බව මුල්වරට වෛද්යමවරයකුගෙන් දැනගන්නා රෝගියා තුළ ඇතිවන්නේ තදබල කම්පනයකි. විශේෂයෙන් තමාගේ කිසිදු වරදක් නැතිව සැමියාගෙන් හෝ තමන් විශ්වාස කළ පෙම්වතාගෙන් මේ රෝගය උරුම කරගත් කාන්තාවන් තුළ මෙහිදී ඇතිවන කම්පනය ගැන විස්තර කරන්නට වචන නැත. මෙවැනි එක් කාන්තාවක තමාට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව දැනගන්නා විට ඉහත සිද්ධියේදී මෙන්ම ඇගේ සැමියා මියගොස් සිටියේය. ඇයද ඉතා චරිතවත් ලෙස ජීවිතය ගතකළ අයකු බව දැන ගන්නට ලැබිණි. තමාට එච්.අයි.වී. ආසාදනය වූයේ සැමියාගෙන් බව එකහෙලාම පිළිගත් ඇය “මේ මනුස්සයා මැරුණේ මාවත් මරාගෙන” යැයි කීවේ මහ හ¾ඩින් හඬා වැළපෙමිනි.
ඉන්පසු ඇගේ දරුවන්ද ඇය කොන්කර තිබිණි. පියා ඒඩ්ස් රෝගියෙකු බව දැන ගැනීම නිසා ඔහු පිළිබඳව හටගෙන තිබූ ද්වේෂයද ඔවුහු මව වෙතින්ම පිට කළහ. මෙයින් එම කාන්තාව බොහෝ අසරණභාවයට පත් වූවාය.
සැබැවින්ම මේ තත්ත්වය ඉතා ඛිෙදජනකය. ඒඩ්ස් රෝගය පිළිබඳව මිනිසුන් කොතරම් දැනුවත් ව සිටියත් ඒඩ්ස් රෝගීන් පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ යටි සිතේ ඇත්තේ එක්තරා චකිතයක් සහ පිළිකුලක් බඳු හැඟීමකි. මේ ආකල්ප මොන තරම් වෙනස් කරන්නට හැදුවත් යටි සිතේ පවතින දෙයක් එසේ සහමුලින් ඉවත් කිරීම අපහසුය.
මෙසේ පිළිකුලක් ඇතිවන්නට ප්රසධාන හේතුව මෙය ලිංගාශ්රිඉතව බෝවන රෝගයක් වීමය. ආසාදිතයෙකුගේ රුධිරයෙන්ද බෝ වුවත් අනාරක්ෂිත ලිංගික එක්වීම් තුළින් බෝවීම වැඩිය. මේ නිසා ඒඩ්ස් රෝගියකු වන්නේ අයථා ලිංගික ගනුදෙනුවල යෙදුණු නරක පුද්ගලයකු යන හැඟීම අපේ සිතින් අමතක කිරීම අපහසු වේ. මේ නිසාම යම් කෙනෙකුට ඒඩ්ස් රෝගය ඇතැයි සමාජය දැනගතහොත් අනිවාර්යයෙන්ම එම රෝගියා සමාජය තුළ කොන්වෙයි.
එසේ කොන් නොකළත් තමා කොන් වේවි, අනෙක් අය තමාව පිළිකුල් කරාවි යන ආකල්පය රෝගියා කෙරෙන් දුරු කිරීම ඉතා අසීරුය.
එච්.අයි.වී. ආසාදිතයකුගේ රුධිරයේ ඛිච් 4 ෙසෙල ප්රීමාණය කලින් කලට පරීක්ෂාකර බලා රුධිරය මයික්රෝන ලීටරයක ඛිච් 4 ෙසෙල දෙසීයකට වඩා අඩුවන විට ප්ර්ති වෛරස ඖෂධ ලබා දීම ආරම්භ කෙරේ. මේ ඖෂධ නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් ඒඩ්ස් රෝගියෙකුට කලක් ජීවත් වීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම ඖෂධ සඳහා එක් මසකට එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් දස දහසකට අධික මිලක් වැයවන අතර කලින් මේවා රෝගීන්ට ලබාගැනීමට සිදුවූයේ තමන්ගේම වියදමෙනි. නමුත් 2004 වසරේ සිට දැන් මේ ඖෂධ ඒඩ්ස් රෝගීනට රජය මගින් නොමි‍ලේ ලබා දීම සිදුවෙයි.
මේ කුමන ඖෂධ දුන්නත් තමන්ගේ ජීවිත කාලය දැන් ඉතින් ඉතා කෙටි බව මේ රෝගීන්ට නිතර හැඟීම ඔවුන් පෙළන තවත් ප්ර බල කාරණයකි. එසේම මෙවැනි රෝගයක් තිබිම ඇතැම් කෙනෙකුගේ රැකියාවට පවා තර්ජනයකි. කලකට ඉහත එක් පුද්ගලයකුට ඒඩ්ස් වැළඳි ඇති බව දැන ගැනීම නිසා ඔහුගේ හාම්පුතා ඔහු රැකියාවෙන් ඉවත් කිරීම හේතු කොටගෙන එම රෝගියා නඩු මගට බැසීමේ සිද්ධියක් ද වාර්තා විය.
අපේ රටේ ඇතැම් තරුණයන් කාන්-තාවන් සමග ක්ෂණිකව ඇතිකරගන්නා දැනහැඳුනුම්කම් මත ඒ මොහොතේම කොතැනක හෝ ලැගුම් හලකට ගොස් කායික සම්බන්ධතාවයක් පැවැත්වීම සුලබ තත්ත්වයකි. මේවා අගනුවර ඇතැම් සුපිරි වෙළෙඳසල් ආශ්රිපතව බහුලව සිදු වේ.
අගනුවර එක්තරා ප්රැදේශයක අවුරුදු විසිදෙකක තරුණයෙකු නැවක රැකියාවක් ලැබ එහි යාමට පෙර අවශ්යත රුධිර පරීක්ෂණ කර බැලීමේදී කිසිසේත් අපේක්ෂා නොකළ අයුරින් එච්.අයි.වී. පරීක්ෂණය ‘පොසිටිව්’ විය. ඉන්පසු තහවුරු කිරීමේ පරීක්ෂණය සඳහා අප වෙත පැමිණි අතර එම වාර්තාවෙන්ද එච්.අයි.වී. සනාථ වී තිබිණි. මේ බව දැනගත් තරුණයා හඬා වැළපෙන්නට පටන් ගත්තේය. විමසද්දී කීවේ බෙහෙවින් අනුවේදනීය පුවතකි.
ඔහුගේ පියා මියගොසිනි. මවත් නැගණියන් දෙදෙනාත් ජීවත් කළේ මේ විසි දෙහැවිරිදි තරුණයාය. ඔහු ඒ සඳහා නිවසේම කුඩා කඩයක් පවත්වාගෙන ගියේය. එයින් සැලකිය යුතු තරමේ ආදායමක් ලැබිම අසීරු වූ නිසා ඔහු රට යාමට මගක් සොයමින් සිටියදී වාසනාවකට නැවක රැකියාවක් ලැබිණි.
මේ තරුණයා ඔහු ජීවත් වූ ප්රබදේශයේ ඉතා ජනප්රිපය පුද්ගලයෙකි. කාටත් උදවු කරගෙන හැම දෙනාගේම සිත් දිනාගනිමින් බොහෝ සමාජශීලි දිවි පවෛතක් ගත කළ ඔහු ගමේ තරුණයන්ගේ ක්රිිකට් කණ්ඩායමේද ප්රදධානියා විය.
දිනක් ඔහු අගනුවර සුපිරි වෙළෙඳ සලකට ගිය අවස්ථාවක සුරූපී තරුණිය ඔහු හා හිතවත් විය. පසුව ඇය සමග එම වෙළෙඳ සංකීර්ණයේම තිබූ සිසිල් බිම හලකින් සිසිල් බිම පානය කළ ඔහු ඇගේ ආරාධනාව මත මරදානේ ලැගුම් හලකට ගොස් ඇය හා කායික සම්බන්ධතාවයක් පැවැත්වීය. ඔහු පැවසූ ආකාරයට ඒ ඔහුගේ මුල්ම කායික එක් වීමය.
ඇය හා ප්රේනම සම්බන්ධතාවක් පැවැත්වීමේ අරමුණක් නොවූ නිසා ඇගේ දුරකථන අංකය ඔහු ඉල්ලාගෙන තිබුණේ නැත. ඔහුට නැවක රැකියාවකට යාමේ අවස්ථාව උදා වූයේ ඔය සිද්ධියෙන් මාස ගණනකට පසුවය.
තමා එච්.අයි.වී. ආසාදිතයකු බව දැනගත් මොහොතේ කම්පාවෙන් හඬා වැළපුණු ඔහු මා සමග කී දෙය දැනුදු මට හොඳින් මතකය.
“මට කවදාවත් යාළු ගෑනු ළමයෙක්වත් ඉඳලා නෑ සර්. අර විදියට ඒ ගෑනු කෙනා අඬගහනකොට මටත් ගිහින් බලන්න හිතුණා. අනේ සර් දැන් කොහොමද මම මගේ අම්මවයි නංගිලාවයි බලා ගන්නේ...?”
මේ අනුව ඔබ විසින් වටහා ගතයුතු එක දෙයක් තිබේ. වෙළෙඳ සංකීර්ණය සුපිරි එකක් වුවත් හදිසියේ හමුවන කාන්තාවක සමග හදිසියේ ඇතිකරගන්නා එක් කායික සම්බන්ධයක් තුළින් පවා එච්.අයි.වී ආසාදනය වීමට හැකියාව තිබෙන බවය.
වෙනත් බෝවෙන මාරාන්තික රෝගවලට වඩා ඒඩ්ස් රෝගයෙහි විශේෂත්වයක් තිබේ. එනම් බෝවීම හා මාරාන්තික වීමට අමතරව මෙය ලිංගාශ්රිිත රෝගයක් වන නිසා රෝගියාට මුළු ජීවිත කාලය පුරාම විඳින්නට සිදුවන අවමානයයි. රෝගියාව ඔහුගේ / ඇගේ පවු‍ලේ අය පවා කොන් කිරීමට අමතරව මුළු සමාජයක්ද රෝගියාව කොන් කරනු ඇත. පිළිකුල් කරනුද ඇත. සමාජය තුළ පවත්නා මෙම වැරදි ආකල්ප මත වෙනත් රෝගියකුට වඩා දැඩි මානසික කම්පනයක් මේ රෝගීන්ට විඳින්නට සිදු වේ.
මෙම ආකල්ප සමාජය වෙතින් තුරන් කිරීම වෛද්යමවරුන් ලෙස අප විශාල ප්රදයන්තයක් දැරුවත් එය සිතන තරම් පහසු දෙයක් නොවන බව පෙනී යයි.
එබැවින් අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැත. කළ යුත්තේ රෝගය වැළදීමට තිබෙන අවකාශයන්ගෙන් ඈත් වීමය
lakbima 2012.02.11

No comments:

Post a Comment