Friday, December 9, 2011

බෙහෙත් මිල පාලනයට අපේ සහාය ලබා දෙනවා

- සෞඛ් සේවා වෘත්තීය සමිති සන්ධානය

ඒමන්ති මාරඹේ
ජාතික ඖෂධ ප්රතිපත්තිය ක්රියාත්මක කර හරහා ජනතාවට අධික මිලකට බෙහෙත් විකිණීම වැළැක්වීම සඳහා බෙහෙත් වර්ග මිල පාලනයකට යටත් කිරීමට සෞඛ් ඇමැතිවරයා පියවර ගන්නේ නම් එවැනි තීරණයකට වගකිවයුතු වෘත්තීය සමිතියක්ලෙස තම සන්ධානය පූර්ණ සහයෝගය දක්වන බව සෞඛ් සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අදාළ පියවර අනිවාර්යයෙන් ගන්නා ලෙස සෞඛ් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම සන්ධානයේ සභාපති සමන් රත්නප්රිය මහතා "දිවයින" පැවැසීය. ඖෂධ ව්යාපාරිකයන් බෙහෙත්වල මිල පාලනය කිරීමට දැඩි සේ විරෝධය දක්වනුයේ එමගින් තම ලාභය අවම වීම නිසා බව පෙන්වා දුන් සෞඛ් සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ඔවුනගේ අරමුණ වී ඇත්තේ මහජනතාවට අඩු මිලට බෙහෙත් ලබා දීම නොව තම ලාභය උපරිම කර ගනිමින් මහජනතාව ගසාකෑම බව අවධාරණය කළේය.

Divaina 2011.12.10

No comments:

Post a Comment