Thursday, December 8, 2011

වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා වෘත්තීය සමිති 42 ක්‌ අද ලිප්ටන් වටරවුමේ

චමින්ද සිල්වා

2012
අයවැය මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම සියලුම වැඩකරන ජනතාවගේ බලාපොරොත්තු කඩකර ඇති බවත් එයට එරෙහිව වෘත්තීය සමිති 42 ක නියෝජිතයෝ අද (07 වැනිදා) දහවල් 12.00 ට ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවෙති.
පොරොන්දු වූ රු. 2,500 ක අවම වැටුප් වැඩිවීම පවා රජයේ සේවකයන්ට ලබා නොදෙමින් සහ පෞද්ගලික අංශයෙහි සේවකයන් සඳහා අවම වැටුප රු. 12,000 ක්‌ දක්‌වා ඉහළ නොදැමීම ඇතුළු අයවැයෙන් සිදුවන අසාධාරණයට එරෙහිව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතවන බව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති කමිටුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න මහතා පැවසීය

දිවයින 2011 දෙසැම්බර් මස 7 වැනිදා

No comments:

Post a Comment