Thursday, December 1, 2011

සෞඛ්‍ය ඇමැති අණින් ඒඩ්ස්‌ මර්දන වැඩසටහන තරු හෝටලයෙන් වෙන තැනකට

අජිත් අලහකෝන්

ලෝක ඒඩ්ස්‌ දිනය නිමිත්තෙන් ඒඩ්ස්‌ හා ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය විසින් අද (01 දා) කොළඹ තරුපහේ හෝටලයක සංවිධානය කර තිබූ ඒඩ්ස්‌ මර්දන වැඩසටහන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග මත වෙනත් ස්‌ථානයක පවත්වනු ලබයි.

ඒ අනුව එම වැඩසටහන මාළිගාවත්ත නිව් බෂාර්හි මාතෘ නිවාසයේ අද පැවැත්වෙන බවලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ නිලධාරියෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

ජනතාව දැනුවත් කිරීමේ කිසිදු වැඩසටහනක්‌ තරුපහේ හෝටලවල නොපවත්වන ලෙස ඇමැතිවරයා උපදෙස්‌ දුන් බවද කී ඉහත නිලධාරියා තරුපහේ හෝටල්වල පැවැත්වෙන ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වන්නේ නිලධාරීන් පමණක්‌ නිසා ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ජනාකීර්ණ ප්‍රදේශවලට ගොස්‌ විවෘතව පැවැත්විය යුතු බවත් තරුපහේ හෝටලවල හෝ ශාලාවල පැවැත්වෙන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් කිසිදු මුදලක්‌ මින් ඉදිරියට අමාත්‍යාංශයෙන් ලබා නොදෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

Divaina 2011/12/01

No comments:

Post a Comment