Thursday, December 8, 2011

පිළිකා වැළඳීමට වැඩිම හේතුව ජීවන ක්‍රමයයි

චතුර පමණුව
පිළිකා රෝගය වැළඳීමට 40% ක්‌ම හේතුවන්නේ ජීවන ක්‍රමය බව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්‌ඩායමක්‌ සිදු කළ පර්යේෂණයකින් හෙළිව ඇත.
පිළිකා රෝගය වැළඳුණු පිරිමින්ගෙන් 23% කට මූලික හේතුව වී ඇත්තේ දුම්පානය වන අතර කාන්තාවන්ගෙන් 15% කටද එම හේතුව බලපා ඇත.
අනෙක්‌ ප්‍රධාන කාරණය වන්නේ අලුත් පලතුරු හා එළවළු ආහාරයට නොගැනීමය.
කාන්තාවන්ගෙන් 6% කට පිළිකා වැළඳීමට හේතුවී ඇත්තේ අධික තරබාරුවයි.
පිරිමි අයගෙන් 4% කට පිළිකා වැළඳීමට හේතුවී ඇත්තේ මත්පැන් පානයයි.
බ්‍රිතාන්‍යයේ වසරකට එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌ පිළිකා රෝගයට ගොදුරුවන අතර ඔවුන් පිළිබඳ කළ සමීක්‍ෂණයකදී මේ බව හෙළිවී ඇත.

Lakbima 2011.12.08

No comments:

Post a Comment