Tuesday, December 6, 2011

බාල ඖෂධ පෙති මිලියන 74 ක්‌ රෝගීන්ට බෙදා හැරලා

ශ්යාම් නුවන් ගනේවත්ත

ඖෂධ සැපයුම් දෙපාර්තමේන්තුව විසින් බාල ප්රමිතියෙන් යුත් ඖෂධ පෙති මිලියන 74 ක්(හැත්තෑහතරක්‌) රෝගීන්ට බෙදාහැර ඇති බව අනාවරණය වී තිබේ. ප්රමිතියෙන් බාල ෆරස්සල්ෆයිට්පෙති මෙසේ බෙදාහැර තිබේ. මෙම පෙති ප්රමිතියෙන් බාල බව ජාතික ඖෂධ රසායනාගාරය විසින් තහවුරු කර ඇතැයි පොදු ව්යවසාය කාරක සභා (කෝප්) වාර්තාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමසුම්වලදී අදාළ සෞඛ් බලධාරීන් පවසා ඇත්තේ අදාළ ඖෂධ සම්බන්ධයෙන් ජාතික ඖෂධ රසායනාගාරයේ තත්ත්ව සහතිකය ලැබීමට පෙර මේ පෙති රෝගීන්ට නිකුත් කර තිබූ බවයි. එසේම රාජ් ඖෂධ සංස්ථාවට සෑම ඖෂධ වර්ගයක් පරීක්ෂා කර බැලීමට තරම් ප්රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති බවද ඔවුහු කෝප් කමිටුවට පවසනු ලැබ ඇත.
මෙවැනි ප්රමිතියෙන් බාල ෆරස්සල්ෆයිට්පෙති දශලක් 135 ක්තිබී ඇති අතර රෝගීන්ට බෙදාහැර ඇත්තේ මින් පෙති දශලක් 74 ප්රමාණයකි.
රසායනාගාර නොමැතිකමේ ප්රශ්නය සම්බන්ධයෙන් සෞඛ් ඇමැතිවරයා සහ අදාළ සෞඛ් බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක්ලබාගන්නා ලෙස මේ ගැන කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
මේ අතර තවදුරටත් කෝප් වාර්තාව අනාවරණය කරන්නේ රු. හයකෝටි හැටහයලක් පනස්එක්දහස්දෙසිය පහක (රු. 6,66,51,205 ) වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ සහ ප්රමිතියෙන් බාල ඖෂධ පොත්වලින් කපා හැරීමට රාජ් ඖෂධ සංස්ථාවට සිදුව ඇති බවයි.
 

Divaina 2011.12.06

No comments:

Post a Comment