Monday, December 5, 2011

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්ය3වරුන්ගේ ප්රේමාණය ඉහළ දමන ලෙස සුව ඇමතිගෙන් උපදෙස්

(කොළඹ-ලංකාපුවත්) රජයේ රෝහල්වලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ප්‍රමාණය ඉහළ දමන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
අමාත්‍යවරයා කළ මෙම ඉල්ලීමට පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 මේ වන විට රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය වීමට සාපේක්ෂව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව ඉදිරි වසර 02 තුළ රෝහල් පද්ධතියට විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් එක්කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.  
 
http://lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=19269:2011-12-04-08-43-29&catid=90:--2&Itemid=555

No comments:

Post a Comment