Sunday, December 4, 2011

ළමයින්ගේ හිසරදයට අද සිට ළමා රෝහලෙන් ප්‍රතිකාර

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක පළමු වරට පිහිටුවනු ලබන ළමුන්ගේ හිසරදයන් සඳහා ප්‍රතිකාර කිරීමේ සායනයක්‌ අද (02 දා) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඇරැඹේ.

ළමුන්ගේ හිසරදයන් සඳහා ප්‍රතිකාර කිරීමේ සායනය මෙරටට අලුත් සංකල්පයක්‌ වන අතර මෙම සායනය දියත් කිරීමේ අවස්‌ථාවට ශ්‍රී ලංකා ස්‌නායු රෝග විශේෂඥයන්ගේ සංගමයේ, ළමා රෝග විශේෂඥයන්ගේ සංගමයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝද සහභාගි වෙති.
මෙහිදී නෝර්වේ රාජ්‍යයේ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ හිසරදයන් හා ලෝක මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය තිමති ජේ. ස්‌ටයිනර් විසින් "ළමුන්ගේ හිසරදයන් සඳහා ප්‍රතිකාර කිරීමේ සේවාව සංවර්ධනය කිරීම" පිළිබඳ තම අත්දැකීම් මෙරට වෛද්‍යවරුන් හා හුවමාරු කරගැනීමට නියමිතය.
Divaina 2011/12/02

No comments:

Post a Comment