Friday, December 9, 2011

අයවැයෙන් වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනා හෙද සංගමයත් ඉල්ලයි

ඒමන්ති මාරඹේ
මෙවර අයවැයෙන් රජයේ වෛද් නිලධාරීන් වෙත ලබා දී ඇති සියයට 10 දීමනා වැඩි කිරීම හා රුපියල් 2500 දීමනාව රජයේ හෙද හෙදියන්ට ලබා දිය යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද් සේවාව මෙන්ම හෙද සේවාව රෝගී ප්රතිකාර හා සත්කාරක සේවාවන් පවත්වාගෙන යැම සඳහා වැදගත් කාර්යභාරයක්ඉටුකරන සේවාවන් වන නිසා අදාළ දීමනාව හෙද සේවාවට ලබාදිය යුතු බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා "දිවයින" පැවසීය.
පැය 24 පුරාම අඛණ් රාජකාරියක නියෑලෙමින් සෞඛ් සේවාව පවත්වාගෙන යැමට කැපවීම් කරන හෙද සේවාව අසාධාරණයකට ලක්කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කිරීම ගැටලුවක්බව පෙන්වා දෙන රත්නප්රිය මහතා වෛද් සේවාව මේ වන විට වැටුපට අමතරව රුපියල් 22,000 දීමනා භුක්ති විඳින අතර අයවැයෙන් ලබාදුන් වැටුපෙන් සියයට 25 පර්යේෂණ දීමනාවට හිමිකම් කීම නිසා හෙද සේවාව තුළ බරපතළ දීමනා විෂමතාවයක් ඇති කර ඇතැයි අවධාරණය කළේය.
Divaina 2011.12.10

No comments:

Post a Comment