Friday, December 30, 2011

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීනව ක්‍රියා කළ හැකි අයකු පත් කරන්න

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුර සඳහා ස්වාධීන හා මධ්‍යස්ථව කටයුතු කළ හැකි අයකු පත්කරන මෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය ඉල්ලා අස්වූ අතර මේ දක්වා ඒ තනතුරට කිසිවෙකු පත්කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් ඉල්ලා අස්වූ සභාපතිනිය යළි ඒ තනතුරේ පිිහිටුවා ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවාව, හෙද සේවාව, ඖෂධවේදී සේවාව, ඛන්තු රේඛන ශිල්පි සේවාවන් කිහිපයක් වෘත්තීමය වශයෙන් වෘත්තීමය පාලනයකට යටත් කරන ආයතනයකි.
එබැවින් වෛද්‍ය සභාව පිළිබඳව බරපතළ වගකීමක් අප සේවාවන් නියෝජනය කරන වෘත්තීය සමිති වලට ද පවතින අතර එය ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම අත්‍යවශ්‍ය කරුණකි.
පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ හෙද නිලධාරින් පිළිබඳව විධිමත් පරීක්ෂණයකින් තොරව ඔවුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම වැනි කරුණු වෛද්‍ය සභාව ඇති කළ බරපතළ ගැටලුවකි.
ඒ අනුව ඉල්ලා අස්වූ සභාපතිනිය නැවත පත්කිරීම නුසුදුසු බව තරයේ ප්‍රකාශ කරන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය සන්ධානය ඒ තනතුර සඳහා මධ්‍යස්ථව ක්‍රියා කළ හැකි විද්වතෙකු පත්කරන මෙන් ඉල්ලා සිටියි.
Dinamina 2011/12/30

No comments:

Post a Comment