Sunday, December 4, 2011

වාට්‌ටුවේදී වැටී හිසට තුවාල වූ බිරිඳට දින හතක්‌ම ප්‍රතිකාර කර නැහැ

කළුබෝවිල රෝහලේ නොසැලකිල්ලෙන් මට බිරිඳත් දරුවාත් දෙදෙනාම අහිමිවුණා
මියගිය දෙදරු මවගේ සැමියා කියයි

කළුබෝවිල මහ ඉස්පිරිතාලෙන් (21 දා) ටිකට්කපලා ගෙදර අරං යන්න හිටපු මගේ බිරිඳ රෝහලේදී බිම වැටිලා ඔළුව තුවාල වුණා. ඊට පහුවදා කුසේ හිටපු මාස හතරක දරුවා කුසේදීම නැති වුණා කියලා දොස්තර මහත්තයා කිව්වා.
ඔලුව තුවාල වුණු මගේ බිරිඳ දවස්හතක් 23 වැනි වාට්ටුවේ තියාගෙන වාට්ටුවේ හිටපු දොස්තරලා, නර්ස්ලා එයාට ප්රතිකාරයක් කළේ නැහැ. එහෙම ප්රතිකාර කළා නම් මගේ බිරිඳ අද ජීවතුන් අතර.
කළුබෝවිල රෝහලේ නොසැලකිල්ල හින්දා අන්තිමේදී මගේ ආදරණීය බිරිඳත් (30 වැනිදා) මට අහිමි වුණා. දැන් මම මේ දරුවෝ දෙන්නත් එක් මේ ලෝකේ තනිවුණා.
අපිට සල්ලි තිබුණා නම් හොඳ දොස්තර මහත්තයෙකුට බිරිඳව පෙන්වලා ප්රතිකාර ගත්ත නම් ඇයත් දරුවාත් දෙන්නම අද ජීවතුන් අතර ඉන්නවා. මේවා අපරාධ මහත්තයෝ.
නුගේගොඩ ඇඹුල්දෙනිය පරණ කොට්ටාව පාරේ අංක 271/3 දරණ ස්ථානයේ නිවසක තබා තිබුණු බිරිඳගේ දේහය ඉදිරිපිට දියණියන් දෙදෙනෙක්තුරුළු කර ගනිමින් බන්දුල අමරසිංහ (34) මහතා හඬා වැළපෙන අයුරු ඇහෙනමානයේ සිටින කාගේත් දෙනෙත් තෙත්වෙයි.
මෙසේ මියගොස්සිටින්නේ වන්නි ආරච්චිලාගේ දෝන චාන්දනී නැමති (30) දෙදරු මවකි. බන්දුල අමරසිංහ ඇගේ ස්වාමියාය. චතුරිකා (8) සහ දර්ශනී (6) චාන්දනීගේ දියණියන් දෙදෙනාය.
තම තෙවැනි දරුවා පිළිසිඳ ගැනීමෙන්, ආහාර අරුචිවීමේ තත්ත්වයෙන් පෙළෙන්නට වූ ඇය පසුගිය 18 වැනිදා කළුබෝවිල රෝහලේ (23 වැනි) වාට්ටුවට ඇතුල් කෙරිණි.
බිරිඳ බලන්න රෝහලට ගිය අපට ඇය පැවැසුවේ කෑම අරුචිය විතරක්නොවෙයි. හිටි ගමන් තමන් ගේ ඇඟ අප්රාණික වන බවයි. බව මම වාට්ටුවේ මිසීලාට කිව්වා. මිසීලා ගැන වැඩි අවධානයක්යොමුකළේ නැහැ.
විසි වැනිදා සවස මං රෝහලට යන කොට ඇඳේ හිටපු රෝගියා බිමට බස්සලා පුටුවක වාඩිකරවලා ඉන්නවා මම දැක්කා. මං ඇහැව්වාම ඇය කිව්වේ හෙට ටිකට්කපනවා කියලයි. මං විසිඑක්වැනිදා ඇයව නිවසට රැගෙන එන්න රෝහලට ගියා. අතේ සේලයින් බට සවි කරපු කටුගලවන්න වාඩිවී සිටි තැනින් නැගිට ගෙන ටිකදුරක්යන කොට ඇය බිමට ඇදගෙන වැටුණා. මං දුවලා ගිහින් බලන විට ඇය වැටිලා හිටියේ උඩුබැලි අතට.
මිසීත් මාත් ඇය නැගිට්ටුවා ගෙන ඇඳක හාන්සි කෙරෙව්වා. ටික වේලාවකින් ඇය මට කිව්වා හිස රිදෙන බව. එතකොට එතැන හිටපු මිසී කිව්වා ... ඕක ඇරිලා යාවි අයිස්කැටයක්තිබ්බාම කියලා. පහුවදා විසි දෙවැනිදා උදේ ගියාම බිරිඳගෙන් දැන ගන්න ලැබුණා පැනඩෝල් ඇරෙන්න වෙන කිසිම බෙහෙතක්දුන්නෙ නැහැ කියලා.
විසිවෙනිදා සවස රෝගියා බලන්න ගියාම දොස්තර මහත්තයා කියනවා කුසේ ඉන්න දරුවා මැරිලා කියලා. මට වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ.
තිස්වැනිදා රෝහලට ගියාම තමයි මම දැන ගත්තේ මගේ බිරිඳ මියගිය බව.
කළුබෝවිල මහරෝහලේ හදිසි මරණ පරීක්ෂක ධර්මසිරි අල්විස්මහතා චාන්දනීගේ මරණයට හේතුව සඳහන් කර තිබෙන්නේ මෙසේය. හදිසි මරණයක්‌. රෝහල තුළදී ප්රතිකාර ලබමින් සිටි රෝගියා පිටුපසට වැටීමෙන් හිස් කබලට සිදුවූ තුවාල හා හිස්කබල ඇතුලට රුධිර වහනය නිසා මරණය සිදුවීම යනුවෙනි.
මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී එතැන හිටියා. 23 වාට්ටුව භාර ලොකු මිසිත්. මගේ සහෝදරයා ඉන්ද්රජිත් කාටද කෝල් කරලා කිව්වා අපි ගෙදර එන්නම් කියලා. මේක ඇහිච්ච ලොකු මිසී "ඔය ගොල්ලෝ කොහොමද අපිව ගෙදර යවන්නේ. මොකද අපි බෙල්ල කපලද මැරුණේ. පුලුවන් දෙයක්කරනවල බලන්න. අපටත් කරන්න දේවල් තියෙනවා. කියලා සඳහන් කරන්න බැරි වචන පවා පාවිච්චි කරලා අපට බැන්නා.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා දෙසැම්බර් මස තුන්වැනිදා රෝහල් අධ්යක්ෂවරයාගෙන් විමසූ අවස්ථාවේදී "දිවයින" දැන ගැනීමට ලැබුණේ ඔහු නිවාඩු ලබා සිටින බවය. වැඩබලන අධ්යක් වෛද් ඩී. උපුලී මහත්මියගෙන් "දිවයින" විමසූ විට ඇය ප්රකාශ කළේ රෝහල මගින් පවත්වනු ලබන පරීක්ෂණය පවත්වා අවසන් වනතෙක්තමාට මේ සම්බන්ධයෙන් කිසිවක්සඳහන් කළ නොහැකි බවයි. මෙහි හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ නොවැම්බර් මස 31 වැනිදාය. මෙම ලිපිය ලියන තෙක්රෝහල මගින් පවත්වනු ලබන විමර්ශනය සිදුකිරීම රෝහල මගින් ප්රමාද කර ඇත.
සේයාරූ - උදේනි චන්ද්රසිරි
Divaina 2011.12.05

No comments:

Post a Comment