Saturday, December 17, 2011

පිළිකා රෝහල නිසා අවට අයට පිළිකා හැදෙනවා දැයි සොයයි

ලසිත දුමින්ද
මහරගම ජාතික පිළිකායතනය අවට පදිංචි පුද්ගලයන් පිළිකා වලදී මියයැම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් මණ්ඩලයක්පත් කිරීම සඳහා සෞඛ් අමාත්යාංශය තීරණය කර ඇත.
පිළිකා රෝහලෙන් විකිරණ ද්රව් පරිසරයට එක්වීම නිසා රෝහල අවට පුද්ගලයන් කිහිප දෙනකුට පිළිකා රෝගය වැළඳී ඇති බව සඳහන් වාර්තාවක්බස්නාහිර පළාත් සභා මන්ත්රී උදය ගම්මන්පිල මහතා ඇතුළු කණ්ඩායමක්සෞඛ් අමාත් මෛත්රිපාල සිරිසේන මහතාට භාරදී තිබේ.
එම පුද්ගලයන්ට පිළිකා රෝගය වැළඳී ඇත්තේ රෝහලෙන් පිටවන විකිරණ පරිසරයට එක්වීම නිසා දැයි යන්න සොයා බලන බවත් අදාළ වාර්තා තවදුරටත් අධ්යයනය කොට අවසන් නිගමනයකට පැමිණෙන බවත් සෞඛ් ඇමැතිවරයාට පෙන්වා දෙයි.
පිළිකා රෝහලෙන් බැහැර කෙරෙන අපද්රව් මහජන සෞඛ්යයට හානියක්නොවන ලෙස ආරක්ෂිතව බැහැර කරන ලෙසත් ඒවා විනාශ කිරීමට සුදුසු ක්රමවේද අනුගමනය කරන ලෙසත් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා රෝහල් බලධාරීන්ට උපදෙස්දී තිබේ.


Divaina 2011.12.17

No comments:

Post a Comment