Friday, December 23, 2011

කොස්‌ගම සාලාව රෝහලේදී මියගිය රෝගියාට අවිස්‌සාවේල්ලේදී පණ එයි

කොස්‌ගම - ඡේ. ඒ. සී. ශාන්ත කුමාර
හදවතේ ස්‌පන්දය මනින ඊසීජී පරීක්‍ෂණයකින් පසුව රෝගියා මියගිය අයකු ලෙස තීරණය කර කොස්‌ගම සාලාව රෝහලේ ඇඳක්‌ මත දමා සිටි දෙදරු පියකුට යන්ත්‍ර මගින් කෘත්‍රීම ස්‌වසනය ලබාදී අවිස්‌සාවේල්ල රෝහලේදී යළි පණ ලබා ගැනීමට හැකි වූ බව එම මූලික රෝහලේ වෛද්‍ය සුමේද පනාගොඩ මහතා "දිවයින"ට පෙරේදා (22 වැනිදා) පැවසීය.
නාම පුවරු සාදන්නකු ලෙස රැකියාව කරන නිමල්සිරි නමැති පනස්‌ හැවිරිදි දෙදරු පියකු මෙසේ යළි පණ ලැබීම සිදුවිය.
ශරීරය ශීතලවී සිහිය නැතිවීමෙන් පසු නිමල්සිරි මහතා කොස්‌ගම රෝහලට ඇතුළත් කර තිබේ. එම රෝහලේදී ලබාගත් ඊසීජී පරීක්‍ෂණයකින් රෝගියා මියගොස්‌ ඇතැයි නිගමනය වී තිබේ. ඔහුගේ සිරුර සුදු රෙද්දකින් වසා දමා අනතුරුව ඥතීන්ට මේ බව දැනුම්දී තිබේ. එහෙත් මරණය සම්බන්ධව ඥතීන්ට සැකයක්‌ මතුවී මියගිය බව පැවසු රෝගියා අවිස්‌සාවේල්ල රෝහලට රැගෙන ගොස්‌ ඇත.
එහිදී අවිස්‌සාවේල්ල රෝහලේ වෛද්‍යවරුන් වහා ප්‍රතිකාර ලබාදී පැය කිහිපයකින් රෝගියාට නැවත සිහිය පැමිණ කථාකර තිබේ.
අවිස්‌සාවේල්ල මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ සුමේද පනාගොඩ මහතා වැඩිදුරටත් කීවේ නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා රෝගියාගේ ජීවිතය බේරුණු බවය.
divaina 2011/12/24

No comments:

Post a Comment