Friday, December 9, 2011

ඖෂධ හිඟයක්‌ මවා පෑමේ තැත ඇමැති මැදිහත් වීමෙන් වැළකෙයි

අජිත් අලහකෝන්
ඖෂධ මිලට ගැනීම සඳහා ටෙන්ඩර් මණ්ඩලය විසින් අනුමත කළ හා අනුමත කිරීමට නියමිත ලිපිගොනු 2,270 ක්මාස හතක්තිස්සේ රාජ් ඖෂධ සංස්ථාවේ පැත්තක ගොඩගසා තිබියදී සෞඛ් අමාත්යාංශය විසින් සොයාගෙන ඇත.
රුපියල් කෝටි ගණනක්වටිනා ඖෂධ මිලට ගැනීම සඳහා වන මෙම ලිපිගොනු සියල්ල සෞඛ් ඇමැතිවරයා විසින් පරීක්ෂා කර ඇත. අත්යවශ් ඖෂධ මිලට ගැනීම සඳහා ටෙන්ඩර් මණ්ඩලය විසින් අනුමත කළ ලිපිගොනු 270 ක් අනුමැතිය ලබාගැනීමට නියමිත ලිපිගොනු 2,000 ක් මේ අතර තිබී ඇත.
මේ පිළිබඳව ඇමැතිවරයා රාජ් ඖෂධ සංස්ථා බලධාරීන්ගෙන් විමසා ඇති අතර ඔවුහු පවසා ඇත්තේ තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා විශේෂඥ වෛද්යවරුන්ට පැමිණෙන ලෙස දැන්වූවත් ඔවුන් නොපැමිණි නිසා එම ලිපිගොනු එලෙස තැබූ බවයි.
පසුව ඇමැතිවරයා මේ පිළිබඳව විශේෂඥ වෛද්යවරුන්ගෙන් විමසා ඇති අතර තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස ඖෂධ සංස්ථාව තමන්ට කිසිදු දැනුම්දීමක්නොකළ බව ඔවුන් පවසා ඇත.
මෙම ලිපිගොනු සියල්ල ජාතික රෝහල වෙත යවා තාක්ෂණික වාර්තා වහා ලබාගන්නා ලෙස ඇමැතිවරයා කළ නියෝගයකට අනුව පසුගිය දින කිහිපය තුළදී තාක්ෂණික වාර්තාද ලබාගෙන ටෙන්ඩර් සියල්ලම අනුමත කර ඇතැයි ඉහත ප්රකාශකයා කීය.
මෙම ටෙන්ඩර් ගොනු ප්රමාද කොට ඖෂධ හිඟයක්මවා පෑමට සංස්ථා බලධාරීන් ක්රියාකර ඇතැයිද ඖෂධ හිඟයකදී දේශීය වෙළෙඳ පොළෙන් ඖෂධ මිලදී ගැනීමෙන් විශාල කොමිස්මුදලක්ලබා ගැනීමේ උත්සහයක්කර ඇතැයිද ඉහත ප්රකාශකයා වැඩි දුරටත් පැවසීය

Divaina 2011.12.10

No comments:

Post a Comment