Monday, December 19, 2011

කරාපිටිය රෝහලේ ශල්‍යාගාරය විවෘතව තිබුණා නම් අපේ පුතා අදටත් ජීවත් වෙනවා

දෙමාපියෝ හඬා වැටෙති
අනේ අම්මේ සැත්කම් නතර කරලා නිසා
වාට්ටුවේදී මාව මැරෙයිද දන්නෙත් නැහැ
නිහාල් තරුණයා මවට කියලා
ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල -ගැමුණු චන්ද්රලාල්


අනේ අම්මේ විෂ බීජයක්ගිහින් නිසා සැත්කම් නතර කරලා තියෙන්නේ. තව මාස තුනකින්වත් සැත්කම් කරන එකක්නැහැ. අම්මේ වාට්ටුවේදී මම මැරේවිද දන්නෙත් නැහැ. පුතා එසේ කීවා යෑයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්ශල් ඒකකයේ 44 වැනි වාට්ටුවේ නේවාසික ප්රතිකාර ලබමින් සිටියදී මියගිය නිෂාල් තිවංක (21) තරුණයාගේ මව වන කේ. වයි. රංජනී (48) හඬා වැළපෙමින් එසේ කීවාය.
නිහාල් තිවංක මාගාල්ල ගංගාරාම මාවතේ පදිංචිකරුවෙකි. නිෂාල්ගේ පෙනහැල්ලේ ඇතිවූ ආබාධිත තත්ත්වයක්නිසා සැත්කමකට භාජනය කිරීම සඳහා කරාපිටිය රෝහලේ හෘද හා උරස්ශල් ඒකකයේ නේවාසික ප්රතිකාර ලබමින් සිටියදී මොහු මිය ගියේය.
හෘද හා උරස්ශල් ඒකකයේ සැත්කම් කටයුතු දැනට මාසයක පමණ සිට නතර කොට ඇත. ශල්යාගාරය තුළ විෂ බීජයක්පැතිර යැම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
පුතා හෘද හා උරස්ශල් ඒකකයට ඇතුළත් කරල දින විසි එකක්වෙනවා. පුතාගේ පෙනහැල්ල අයින් කරන්න ඕනෑ බව වෛද්යවරු කියා තිබුණා. ශල්යාගාරය වසා තිබූ නිසා පුතාට සැත්කම් කිරීම දිනෙන් දින ප්රමාද වුණා. සීටී ස්කෑන් පරීක්ෂණයක් කිරීමටත් තිබුණා. ගිය පාරත් මගේ පුතාගේ ජීවිතය බේරා ගත්තේ වෛද් නාමල් ගමගේ මහත්තයා. මහත්තයා රත්තරන් මහත්තයෙක්‌. විෂ බීජයක්ගිහින් සැත්කම් කිරීම නතර කොට තිබූ නිසා මෙදා සැරේ මගේ පුතාගේ ජීවිතය බේරා ගන්න බැරිවුණා. මම පුතාට කීවා කොළඹ හරි එක් ගිහින් පුතාගේ ජීවිතය බේරා ගන්නවා කියා.
රංජනී කඳුළු වගුරුවමින් එසේ කියන්නීය. අනේ මගේ පුතා මට නැතිවුණා. ඇය මොර දෙමින් කෑ ගසන්නීය.
නිෂාල් තිවංක හය දෙනකුගෙන් යුත් පවුලක තුන්වැන්නාය. නිෂාල්ට හරිහමන් රැකියාවක් තිබුණේ නැත. ඔහු ටික කලක්කොළඹ වරායේ කොන්ත්රාත්කරුවකු ළඟ සේවය කළේය. නිෂාල්ගේ පියා . එච්. සුමනපාලය (54). ඔහුටද තම පුතුගේ හදිසි වියෝවය දරාගත නොහැකිය.
පුතා මීට වසර දෙකකට පමණ පෙර හදවත් සැත්කමකට භාජනය කළා. ඊට පස්සේ පුතා හොඳට හිටියා. කොළඹ රැකියාවක් කළා. නොවැම්බර් මාසයේ 25 වැනිදා පුතා කොළඹ ඉඳන් ගෙදර ආවා. එදා ලේ වමනය කළා. ඊට පස්සේ රෝහලට ඇතුළත් කළා. පුතාට නැවත සැත්කමක්කරන්න ඕනෑ බව වෛද්යවරු කීවා. පුතා දින 20 ක්රෝහලේ නේවාසික ප්රතිකාර ලබමින් හිටියා.
එන්නත් ඖෂධ වර්ග පිටතින් තමයි ගෙනවිත් දුන්නේ. පුතාට අවශ් සමහර එන්නත් වර්ග වාට්ටුවේ තිබුණේ නැහැ. 17 වැනිදා රාත්රියේත් පුතා රූපවාහිනිය බැලුවා. එදා අලුයම තමයි පුතාට අමාරු වුණේ. ඔක්ෂිජන් දෙන්න පුතා මැෂින් එකට හයි කළා. නමුත් මැෂින් එක වැඩ කළේ නැහැ. ඒක කැඩිලා සැත්කම් ඒකකය විවෘතව තිබුණා නම් මේ විපත පුතාට වෙන්නේ නැහැ. පුතාගේ සැත්කම ප්රමාද නොකර කරන්න තිබුණා. සුමනපාල දැඩි සංවේගයෙන් යුතුව අප සමග කීවාය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති හෘද හා උරස්ශල් ඒකකය ලංකාවේ දැනට ඇති ප්රධානම හෘද හා උරස්ශල් ඒකක අතුරින් එකකි. මෙකී ඒකකයේ ශල්යාගාර නවීකරණය කිරීම සඳහා එම ඒකකය මෙම වසරේ පෙබරවාරි 18 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා වසා තබනු ලැබීය.
ප්රංශ රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 110 වියදමක් දරා මෙම ඒකකය නවීකරණය කළ අතර ඉන්පසු ඔක්තෝබර් 20 වැනි දින හදවත් සැත්කම් කිරීම ආරම්භ කරනු ලැබීය. හදවත් සැත්කම් කිරීමට හැකිවූයේ මාසයක්පමණි. එම කාලය තුළ හදවත් සැත්කම්වලට භාජනය කළ රෝගීහු සිව් දෙනෙක්මිය ගියහ. ශල්යාගාරවල සවිකොට ඇති වායුසමීකරණ තුලින් විෂ බීජයක් ශල්යාගාරවලට පැතිර යැම නිසා මෙම තත්ත්වයට හේතුවී ඇති බව අනාවරණය විය.
ඉන්පසු ශල්යාගාරය නොවැම්බර් මස 23 වැනිදා වසා දමනු ලැබීය. නිෂාල් මිය ගියේ සැත්කමකට භාජනය කිරීම සඳහා නේවාසික ප්රතිකාර ලබමින් සිටියදීය.
මේ සඳහා සෞඛ් අමාත්යාංශයේ මැදිහත්වීම බිංදුවයි. අමාත්යාංශය මේ ගැන සොයන්නේ නැහැ. මේ නිසා මිය යන්නේ අසරණ හදවත් රෝගීන්. ශල්යාගාරය වසා දමා ඇති නිසා හදවත් සැත්කම්වලට අවශ් උපකරණ හා ඖෂධ වර්ගත් කල් ඉකුත්වීමේ අවදානමක් තියෙනවා. ජවිපෙ හිටපු දකුණු පළාත් සභා මන්ත්රී රත්න ගමගේ මහතා කීවේය.
නිෂාල්ගේ මව්පියන්ද, පවසන්නේ ශල්යාගාරය විවෘතව තිබුණේ නම් තම පුතුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණ බවයි.
මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක යූ. කේ. තිලකසේන මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද් නිලධාරි එල්. එම්. ධම්මි මහත්මිය විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද් වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්ලබා දුන්නේය.
Divaina 2011.12.19

No comments:

Post a Comment