Friday, March 9, 2012

ලිංගික අතවර වැඩියෙන්ම සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ - සෞඛ්‍ය ඇමැති

2012 මාර්තු 09 වෙනි සිකුරාදා, 03:12

ශ්‍රියානි විජේසිංහ

තමා ඇමැතිකම් දැරූ අමාත්‍යංශ අතරින් කාන්තාවන්ට වැඩිම ලිංගික අතවර ප්‍රමාණයක් සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතන තුළදී බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඇමැතිවරයෙකු ලෙස තමා අමාත්‍යංශ 9ක කටයුතු කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය තරම් කාන්තාවන්ට හිරිහැර සිදුවන බව කිසිදු අමාත්‍යංශයකදී තමාට පැමිණිලි ලැබි නොමැති බව ඇමැතිවරයා කීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (7) අනුරාධපුර හෙද විදුහ‍ලේ හෙදියන්ට ශීර්ෂ පළඳනා පැළඳීමේ උත්සවයට සහභාගි වෙමිනි.

lakbima.lk

No comments:

Post a Comment