Friday, March 9, 2012

බිරිඳගේ පිත්තාශයේ ගල් ඉවත් කරන්න යෙදූ ක්‌ලිප් එක ගැලවී විෂබීජයක්‌ ආසාදනය වුණා කියා දොස්‌තර කීවා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි චන්ද්‍රසේන සිරි ජයලත් මහතා (56) සාක්‌ෂි දෙමින් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේදී ඊයේ (08 වැනිදා) ඉල්ලා සිටියේය.

කොළඹ පෞද්ගලික රෝහලක සැත්කමකට භාජන කෙරුණු මවකගේ මරණයට අදාළව පැවැති සාක්‌ෂි විභාගයේදී හෙතෙම එසේ කීය.

මෙලෙස මියගොස්‌ තිබෙන්නේ රත්මලාන, ශ්‍රී ධර්මාරාම පාරේ, වලව්වත්ත පදිංචිව සිටි කනපතිරණගේ ලක්‍ෂ්මී රේණුකා ගුණරත්න (49) නමැති දෙදරු මවකි.

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා හමුවේ පැවැති මෙම මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් සාක්‌ෂිදුන් සාක්‌ෂිකරු මෙසේද කීය.

"මියගොස්‌ සිටින්නේ මගේ බිරිඳ. මා ඇය සමඟ විවාහ වෙලා අවුරුදු 30 ක්‌ වෙනවා. විවාහයෙන් අපට දුවලා දෙන්නෙක්‌ සිටිනවා. එක්‌කෙනකුට අවුරුදු 27 යි. අනෙක්‌ දුවට 17 යි.

"මගේ බිරිඳට කලින් දහ වතාවක්‌ බඩේ සැත්කම් කරලා තිබෙනවා. විටින් විට ගර්භාෂයේ ගෙඩි වගයක්‌ හැදෙනවා. ඒ හැදෙන්න හැදෙන්න සැත්කම් කරලා ගෙඩි ඉවත් කළා."

"ඇයට හිටපු ගමන් පසුගියදා බඩේ කැක්‌කුමක්‌ ආවා. අපි හිතුවා වෙනදා හැදෙන ලෙඩ කියලා. ඉන්පසුව අපි වෛද්‍යවරයාට බිරිඳව පෙන්නුවා. එදිනම බිරිඳගේ ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළා. පරීක්‍ෂණයෙන් පසුව කිව්වා බිරිඳගේ පිත්තාශයේ කුඩා ගල් දෙකක්‌ තිබෙන බව. මේ නිසා රෝහලට ඇතුළත් කරන්න කිව්වා. 02 වැනිදා පිත්තාශයේ ගල් ඉවත් කිරීමට බිරිඳට සැත්කමක්‌ කළා. සැත්කමින් පසුව මගේ බිරිඳගේ නංගීව ළඟ තැබුවා. මා එදාම ආවා බිරිඳව බලන්න. බිරිඳ හොඳ තත්ත්වයෙන් සිටියා. පසුව මා නංගිව තියලා ගෙදර ගියා. 02 වැනිදා රාත්‍රී මට කෝල් කරලා කිව්වා 26 වතාවක්‌ බිරිඳ වමනය දැම්මා කියලා. පසුව මා උදේ 6.10 ට පමණ රෝහලට ආවා. බිරිඳට සිහිය ඇවිල්ලා තිබුණා. ඇගේ නාසයට බටයක්‌ දමා තිබුණා."

බිරිඳ මට කිව්වා කොන්ද රිදෙනවා කියලා. මා එම ප්‍රදේශය පහළට අත ගෑවා. අත තියන කොට ගින්දර වගේ රස්‌නයක්‌ තිබුණා. ඊට පසුව ඇය කිව්වා කලන්තය හැදීගෙන එනවා කියලා. මගේ පොඩි දුව වාට්‌ටු භාර නිලධාරිනියකට මේ බව පැවසුවා. පසුව ඇය මේ ගැන දොස්‌තර මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නා. පසුව සැත්කම කළ දොස්‌තර මහතා දැනුම් දුන් වහාම ඇය දැඩි සත්කාර ඒකකයට දමන්න කියලා. පසුව ඇයව එහි නතර කළා."

"පසු දින 04 වැනිදා අපි නැවත රෝහලට ආවා. මගේ නෝනාගේ නංගි කිව්වා අක්‌කා දැඩි සත්කාර ඒකකයේ නැහැ කියලා. එතකොට දැඩි සත්කාර ඒකකය භාර නිලධාරියා කිව්වා ඇයි ලෙඩා අර ඉන්නේ කියලා. එතකොට බිරිඳගේ මුහුණ විකෘති වී තිබුණා. ඇගේ ශරීරයට මැෂින් 5 ක්‌ සම්බන්ධ කර තිබුණා."

මගේ නෝනාට මාවත් දුවලා දෙන්නාවත් අඳුනන්න බැරි වුණා. ඊට පසුව මා දොස්‌තර මහතාට කෝල් කළා. එහිදී දොස්‌තර මහතා කිව්වා මගේ බිරිඳට නැවත වරක්‌ සැත්කමකට ගත්තා කියලා. මං ඇහුවා ඇයි මගේ බිරිඳගේ ඇඟ මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එවිට ඔහු කිව්වා ඒක සාමාන්‍ය තත්ත්වයක්‌ ගණන් ගන්නට එපා කියලා.
"පසුව ඔහු අපිව හමුවෙන්න ආවා. එහිදී මා නැවත ඔහුගෙන් ඇහුවා මෙහෙම දෙයක්‌ වුණේ කොහොමද කියලා. එහිදී දොස්‌තර මහතා කිව්වා මිස්‌ට ජයලත් දාහකින් වත් එකක්‌ වෙන්න බැරි දෙයක්‌ මා අතින් සිදුවුණා කියලා."
"ඊට පසුව මා ඇහුවා මෙහෙම වෙන්න හේතුව මොකක්‌ද කියලා. පිත්තාශයේ ගල් ඉවත් කරන්නට යොදපු ක්‌ලිප් එක ගැලවී එතැනින් දියර ගලා ඇවිත් බඩවැලට මුසුවී විෂබීජ ආසාදනයක්‌ ඇති වුණා කියලා ඔහු කීවා. ඒ නිසා නැවත සැත්කමක්‌ කර මුළු බඩම විවෘත කරලා ඒ ක්‌aලිප් එක ගලවපු තැනට ප්‍රතිකර්මයක්‌ කර බඩ දිගටම මැහුවා කියලා දොස්‌තර මහතා කිව්වා."

"මා මේ උසාවියේ ප්‍රකාශ කර සිටින්නේ දොස්‌තර මහතා අතින් අතපසුවීමක්‌ සිදුවී ඇති බවයි. ඒ බව ඔහුගේ කටින්ම පිළිගෙන තිබෙනවා. ඒ නිසා මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියා මා ඉල්ලා සිටිනවා."
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතා විසින් පවත්වන ලදී. ඉදිරිපත්වූ සාක්‌ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක අෂ්රµa රූමි මහතා මෙම මරණයට අදාළ වැඩිදුර සාක්‌ෂි විභාගය මේ මස 29 වැනිදාට කල් තබන ලදී.
කොම්පඤaඤවීදිය පොලිසියේ සැරයන් ජයසේකර (16700) සහ මරදාන පොලිසියේ සැරයන් ලාල් පතිරණ (27689) මෙහිදී සාක්‌ෂි මෙහෙය වූහ.

divaina 2012.03.09

No comments:

Post a Comment