Friday, March 9, 2012

සියලුම ඖෂධ පැකට්වල මිල සඳහන් කිරීම අනිවාර්යයි -සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව නීතියක්

සන්ධ්‍යා කරුණාරත්න


සියලුම ඖෂධ පැකැට්ටුවල ඖෂධයේ මිල සඳහන් කිරීම අනිවාර්ය කරන රෙගුලාසියක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරිය එක්ව මේ රෙගුලාසිය ක්‍රියාත්මක කරන බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය ඉක්මණින්ම නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා වූ විද්වත් කමිටුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂවරයා ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී ඊයේ (08) මේ බව ප්‍රකාශ කළේය.

මේ රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමෙන් පාලන මිලක් සහිතව සාධාරණ මිලකට ඖෂධ අලෙවි කිරීමේ හැකියාව පවතින බවත් ඖෂධ මාෆියාව මෙමඟින් පාලනය කළ හැකි බවත් ඒ මහතා කීය.

මීට අමතරව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ වසර මැද දී ක්‍රියාත්මක කළ හැකි බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංශෝධන සහිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලබන සතිය තුළදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මඟින් තමාට ලැබෙන බවත් ඉන්පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය. ජාතික ඖෂධ නව පනත ක්‍රියාත්මක කිරීම මඟින් ජනතාවට ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුත් ඖෂධ සාධාරණ මිලකට අලෙවි කළ හැකිය.


Dinamina 2012.03.09

No comments:

Post a Comment