Saturday, December 17, 2011

උපුල් තරංගට ප්‍රෙඩ්නිසිලෝන් දී ඇත්තේ භෞත චිකිත්සකවරයෙක්‌


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
ප්රෙඩ්නිසිලෝන් (Prednisolone) නමැති තහනම් උත්තේජනය භාවිතා කළ බවට චෝදනාලත් ක්රිකට්ක්රීඩක උපුල් තරංගට වෛද් ප්රථිකාර කළේ ටොම් සිම්සෙක්නමැති භෞත චිකිත්සකවරයා බව ක්රීඩා ඇමැතිවරයා පෙරේදා (13 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛණයක සඳහන් වේ.
එම වෛද්යවරයා ක්රීඩා භෞත චිකිත්සකයකු ලෙස 1995 වසරේ සිට මේ දක්වා ඔස්ටේ්රලියාවේ සහ ශ්රී ලංකාවේ සේවයේ යෙදෙමින් සිටින බවද එකී ලේඛණයේ දැක්වේ.
තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් උපුල් තරංග ක්රීඩකයාට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු මුදවා ගැනීමට ක්රීඩා අමාත්යාංශය කටයුතු නොකරන බවද එහි සඳහන් වේ.
.ජා.. මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අසා තිබූ ප්රශ්නයකට පිළිතුරු ලෙස ක්රීඩා ඇමැතිවරයා විසින් අදාළ ලේඛණය සභාගත කළේය.
Divaina 2011.12.15

No comments:

Post a Comment