Monday, December 19, 2011

කරාපිටිය රෝහලේ තවත් හදවත් රෝගියෙක්‌ මියයයි

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල
සැත්කමකට භාජන කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල් ඒකකයේ නේවාසික ප්රතිකාර ලබමින් සිටි තවත් රෝගියකු මියගොස්ඇත.
මෙසේ මියගොස්ඇත්තේ මාගාල්ල ගංගාරාම මාවතේ පදිංචිකරුවකු වන නිෂාල් තිවංක නමැති විසි එක්හැවිරිදි තරුණයෙකි. හෘද හා උරස්ශල් ඒකකයේ ශල්යාගාරවලට විෂ බීජයක්පැතිර යැම නිසා හදවත් සැත්කම් කටයුතු දැනට මාසයක පමණ සිට නතරකොට ඇත.
මෙම ඒකකය නවීකරණය කිරීමෙන් පසු ඔක්තෝබර් මස 20 වැනිදා සැත්කම් කටයුතු ආරම්භ කළ අතර සැත්කම් ආරම්භ කොට මාසයක්වැනි කාලයක්තුළදී හදවත් සැත්කම්වලට භාජන කළ රෝගීන් සිව් දෙනකු මියගොස්තිබේ. ඉන් රෝගීන් දෙදෙනකු මියගොස්ඇත්තේ සැත්කම්වලින් පසු විෂ බීජයක් ශරීරගත වීම නිසාය.
දැනට මෙම ස්ථානයේ සැත්කම්වලට භාජන කිරීම සඳහා නේවාසිකව සිටින රෝගීන්ද වාට්ටුවෙන් බැහැරව යන අතර හදවත් සැත්කම් සඳහා රෝගීන් හත්සියයකට අධික සංඛ්යාවක්ලියාපදිංචි වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වසරේ මෙම ඒකකය තුළ හදවත් සැත්කම් කිරීමට හැකි වී ඇත්තේ මාස තුනක්පමණි. දිනකට මෙහි හදවත් සැත්කම් හතරක්පහක්පමණ සිදුකෙරේ. වසරකට අඩුම තරමින් හදවත් සැත්කම් දහසකට ආසන්න සංඛ්යාවක්කරාපිටිය රෝහලේ සිදුකෙරේ.
Divaina 2011.12.19

No comments:

Post a Comment