Thursday, December 1, 2011

ඒඩ්ස්‌ මර්දන දැනුවත් කිරීම් 2015 සිට අමුතුම ක්‍රමයකට!

අජිත් අලහකෝන්

ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සමලිංගික සංවිධානයක්‌ වෙත භාරදීම සඳහා ඒඩ්ස්‌ සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මේ දිනවල රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින'ට දැනගන්නට ලැබිණි.

ඒ අනුව ඒඩ්ස්‌ පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමක්‌ වනු ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒඩ්ස්‌ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා 2010 වසරේ සිට 2015 දක්‌වා රුපියල් කෝටි 2000 කට අධික මුදලක්‌ වෙන්කර ඇතැයිද, තවත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මේ සඳහා රුපියල් කෝටි 250 ක්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට ලබා දී ඇතැයිද පැවැසේ.

සමලිංගික කණ්‌ඩායමක්‌ යොදා ගනිමින් මෙම ඒකකය පසුගිය දිනවල උපත්පාලන කොපු සහ තවත් ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබූ බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Divaina 2011.12.01

No comments:

Post a Comment