Friday, December 23, 2011

සිගරැට්‌ පැකට්‌වල දුම්බීමේ ආදීනව දැක්‌වෙනඡායාරූප ඇතුළත් කිරීමේ නීතිය ළඟදීම ගේනවා

මේ බවට රජය පොරොන්දුවක්‌ ලබා දුන්නා

-
මහාචාර්ය කාලෝ ෆොන්සේකා

ශ්‍යාම් නුවන් ගනේවත්ත
සිගරැට්‌ පැකට්‌ මත දුම්බීමේ ආදීනව දැක්‌වෙන ඡායාරූප ඇතුළත් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවට රජය පොරොන්දු වී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ (22 දා) අනාවරණය කළේය.

2008
වසරේදී මේ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබුණු බවද මේ අනුව මේ නීතිය ක්‍රියාත්මක කිරීම අතින් අපි හොඳටම ප්‍රමාද බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ලංකාවේ දුම්වැටි සිල්ලරට අරන් බොන පිරිස බහුල බැවින් මේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද තිබුණත් දැන් මේ නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද කාලෝ ෆොන්සේකා මහතා කීවේය.
මහාචාර්යවරයා මේ බව කීවේ ඊයේ (22 දා) මහරගම පිළිකා රෝහලේදී පැවති දුම්කොළ භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදීය.
දේශපාලන අධිකාරිය මෙය කඩිනම් කරන බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා දන්වා ඇති බවද මහාචාර්යවරයා කීවේය.
දුම්කොළ සමාගම් විසින් 20 වැනි සියවසේදී මිලියන 100 ක්‌ ජනතාව ඝාතනය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරන පරිදි 21 වැනි සියවසේදී ටි්‍රලිනයක පමණ ජනතාව දුම්කොළ භාවිතය නිසා මරණයට පත් වනු ඇතැයිද මහාචාර්ය වරයා කීවේය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අති රේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සහ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න යන මහත්වරුද කතා කළහ.

Divaina 2011/12/23

No comments:

Post a Comment