Saturday, December 17, 2011

මත්පැන් බදු ආදායම 54% කින් ඉහළට

ශ්යාම් නුවන් ගනේවත්ත
මේ වසරේ (2011) මුල් මාස නවයේදී මත්පැන්වලින් රජය ඉපයූ බදු ආදායම සියයට 54 කින් ඉහළ ගොස්ඇත.
මේ අනුව ගිය වසරේ (2010) මුල් මාස නවයේදී මත්පැන්වලින් රජය විසින් උපයන ලද රු. මිලියන 26,033 නිෂ්පාදන බදු ආදායම මේ වසරේ (2011) මුල් මාස නවයේදී රු. මිලියන 40103 ක්දක්වා විශාල වශයෙන් වර්ධනය වී තිබේ.
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මැඩපැවැත්වීමට කටයුතු කිරීම, මත්පැන් සඳහා වන සුරා බදු වැඩි කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල නව වෙළෙඳපොළ විවෘත වීම සහ සංචාරක ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනය යන සාධක මත්පැන් වලින් ඉපයූ බදු ආදායම ඉහළ යැමට හේතුවූ බව මුදල් අමාත්යාංශය කියයි.

Divaina 2011.12.17

No comments:

Post a Comment