Saturday, December 17, 2011

රජයේ රෝහල්වල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් 85 ක්‌ හිඟයි

ඒමන්ති මාරඹේ
දිවයිනේ රජයේ රෝහල්වල ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරුන් 85 දෙනෙකුගේ උග් හිඟයක්පවතින බව රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙවැනි හිඟයක්පැවැතියදීත් ප්රසව හා නාරිවේදය විෂය ක්ෂේත්රය සිය පශ්චාත් වෛද් උපාධිය සඳහා තෝරාගත් වෛද්යවරුන් 50 ත් 60 ත් අතර සංඛ්යාවක්කොළඹ පශ්චාත් වෛද් උපාධි ආයතනය විසින් වාර්ෂිකව විභාගයෙන් අසමත් කරන අතර සමත් කරනුයේ 5 දෙනකු වැනි සුළු සංඛ්යාවක්බව එම සංගමය පෙන්වා දෙයි.
මෙසේ ප්රසව හා නාරිවේදය තෝරාගත් වෛද්යවරුන් වැඩි පිරිසක්අසමත් කිරීම එම ක්ෂේත්රය සඳහා වෛද්යවරුන් යොමුවීම අධෛර්යයට පත් කරන්නක්බැවින් එම තත්ත්වය මඟහැරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇතැයි වෛද් නිලධාරීන්ගේ සංගමයේ ප්රකාශකයෙක්"දිවයින" පැවැසීය.
දැනට විශේෂඥ වෛද්යවරුන් ඇතුළුව ප්රසව හා නාරිවේදය පිළිබඳ වෛද්යවරුන් 180 දෙනෙකු රජයේ රෝහල්වල සිටියද එම සංඛ්යාව මෙරට ජනගහනයට සාපේක්ෂව ප්රමාණවත් නොවන බව එම ප්රකාශකයා කීවේය.
මේ සම්බන්ධව විමසූ විටදී සෞඛ් අමාත්යාංශයේ උසස්නිලධාරිවරයකු කියා සිටියේ වාර්ෂිකව කොළඹ පශ්චාත් වෛද් උපාධි ආයතනය විසින් ප්රසව හා නාරිවේදය තෝරාගත් වෛද්යවරුන් වැඩි පිරිසක්විභාගයෙන් අසමත් කරන බව සත්යයක්බවත් සමත් කරන පිරිස වැඩි කරන ලෙසට එම ආයතනයෙන් ඉල්ලීමක්කර ඇති බවත්ය.
Divaina 2011.12.14

No comments:

Post a Comment