Wednesday, December 7, 2011

ජවිපෙට තවත් අහිමි වීමක්.

2011 දෙසැම්බර් 07 බදාදා- පෙරවරු 11:59
ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු සංගමයට අනුබද්ධිත විශාලම වෘත්තීය සමිති දෙක ලෙස සැලකෙන ලංකා ගුරු සේවා සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමයේ සාමාජිකයින්ගෙන් බහුතරයක් කැරළිකරුවන් සමග එක්ව සිටින බව වාර්තා වනවා. මීට අමතරව හෙද, වෛද්‍ය සහ විදුලි යන ක්ෂේත‍්‍රවලට අයත් ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතිවලද සාමාජිකයින්ගෙන් බහුතරයක් තමන් සමග එක්ව ඇතැයි කැරළිකාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා. මීට පෙර ශිෂ්‍ය සහ කාන්තා සංගම්වල බලය තහවුරු කර ගැනීමට කැරළිකාර කණ්ඩායමට හැකි වූ අතර, කම්කරු සංගමයේ බලය පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයින් නියෝජනය කරන අන්තර් සමාගම් සේවක සංගමයේ දිස්ති‍්‍රක් කිහිපයක ශාඛාවල සාමාජිකයින්ද කැරළිකාර කණ්ඩායම සමග එකතු වී තිබෙනවා. කෑගල්ල, කළුතර, නුවර, ගාල්ල සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවල ශාඛා ඊට අයත් බවයි කැරළිකාර කණ්ඩායම ප‍්‍රකාශ කළේ. මේ අතර, කැරළිකාර කණ්ඩායම විසින් සකස් කර ඇති බහුජන ව්‍යාපාරය ලබන 13 වැනිදා කොළඹ දී එළිදැක්වීමටද නියමිතයි. ජන අරගල ව්‍යාපාරය ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා හෙට දිනයේදී මාධ්‍ය හමුවක්ද කැරළිකාර කණ්ඩායම විසින් කැඳවා තිබෙනවා. එමෙන්ම, පසුගියදා විසුරුවා හරිනු ලැබු ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක අංශයේ සාමාජිකයින් කිහිප දෙනෙකුද ඉදිරියේදී කැරළිකාර කණ්ඩායම සමග එක්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.
 
මේ අතර, සටන් කරන ජනතාවට සිය පක්ෂය ලබාදෙන නායකත්වය වළක්වාලීමට අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන දෙකක් කි‍්‍රයාත්මක බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ ඊයේ (06) පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ජවිපෙන් වෙන්ව ගිය කැරළිකරුවන් මෙම මධ්‍යස්ථාන දෙක නියෝජනය කරන බවයි.
http://hirunews.lk/sinhala/22703

No comments:

Post a Comment