Friday, December 9, 2011

2012 අයවැයෙන් සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වෙන්වුණ මුදල් විශාල ලෙස කපා හැරලා

පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා (එජාප)
පියසේන දිසානායක
රටේ සමස් ජනතාව අමතක කරමින් සුළු පිරිසකගේ අපේක්ෂා ඉටුකිරීම වෙනුවෙන් රජය 2012 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් අධ්යාපන හා සෞඛ් ක්ෂේත් වෙනුවෙන් වෙන් කළ මුදල් විශාල ලෙස කපාහැර ඇති බව වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂයේ ප්රධාන සංවිධායක සහ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
අයවැය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ (8 වැනිදා) මාධ්යයට අදහස්දක්වමින් මේ බව සඳහන් කළ නිරෝෂන් පෙරේරා මහතා තවදුරටත් මෙසේද කීය.
අද මේ රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙන බව කිවයුතුයි. සැමට සාධාරණව නීතිය ක්රියාත්මක නොවීමත්, ප්රජාතන්ත් විරෝධී ක්රියාවලට ආණ්ඩුව මුල්තැන දීමත්, නිවැරැදි ආර්ථික ප්රතිපත්තියක්ක්රියාත්මක නොකිරීමත් හේතුවෙන් රටත් ජනතාවත් ජාතික හා ජාත්යන්තර වශයෙන් ප්රශ්න රැසකට මැදිව සිටිනවා.
දශක තුනකට ආසන්න කාලයක්පැවැති යුද්ධය අවසන්ව දැන් වසර කිහිපයක් ගතව තිබෙනවා. නමුත් යුද්ධය වෙනුවෙන් කැප කිරීම් කළ ජනතාවට තවම කිසිදු සහනයක් ලැබී නැහැ.

2012
වර්ෂය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියත් මේ අයවැයෙන් අපේක්ෂාවන් සියල්ල කඩකර තිබෙන බව කිවයුතුයි. සන්ධාන ආණ්ඩුවේ මේ අයවැය මගින් ජනතාවට කිසිම සහනයක්ලැබී නැහැ. එය ඉලක්කම් හරඹයක්පමණයි.
මෙවර අයවැයෙන් ජීවන බර අඩුකරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුවත් වෙනුවට ජීවන බර කිහිප ගුණයකින් වැඩිකර තිබෙනවා. ආදායම් මාර්ගවල හෝ වැටුප්වල කිසිදු වැඩි වීමක්නැහැ. ජාත්යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය මුහුණපා සිටින අභියෝග ජය ගැනීම සඳහා වැඩපිළිවෙළක්එහි නැහැ. අයවැයක්කෙරෙහි ජනතාව තුළ පැවැති විශ්වාසය මේ අයවැය මගින් බිඳ දමා ඇති බව කිවයුතුයි.
divaina 2011.12.09

No comments:

Post a Comment