Monday, December 5, 2011

මසකට ඒඩ්ස් ආසාදිතයින් 12 දෙනෙක් -ජපුර සරසවියේ ප්රටධාන වෛද්යd නිලධාරී



 2011 දෙසැම්බර් 01 වෙනි බ්‍රහස්පතින්දා, 14:24
                    

ශ්‍රී ලංකාව තුළ මසකට HIV ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි පවසයි.

පසුගිය වසරේ ඒඩ්ස් ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වූ අතර මෙම වසරේ දී තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇත. 
පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට  HIV ආසාදිතයින් 1431 ක් වූ අතර එයින් 52 ක් ළමයින් ය.

මේ වන විට වාර්තා වී ඇති දේශීය ඒඩ්ස් ආසාදිත මරණ සංඛ්‍යාව 246 කි.

වසර 2010 සැප්තැම්බර් වන විට HIV ආසාදිතයින් 1285 ක් වාර්තා වූ අතර මෙම වසරේ සැප්තැම්බරය වන විට එයට තවත් රෝගීහු 146 ක් එක් ව සිටිති.

HIV ආසාදිතයින් අවම කර ගනිමු, HIV නිසා ඇති වන මරණ අවම කර ගනිමු, HIV රෝගීන් කොන් කිරීම අවම කර ගනිමු යන්න තේමාව ලෙස යොදා ගනිමින් මෙවර ද දෙසැම්බර් පළමුවැනි දා ඒඩ්ස් දිනය සැමරේ.

වසර 2010 වන විට ලොව පුරා මිලියන 34 ක්  HIV ආසාදිතයින් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි. 

http://www.asianmirror.lk/index.php/news/6245-aids-in-ja-pura-campus

No comments:

Post a Comment