Tuesday, December 6, 2011

බඩගින්නට සබන් කන තරුණියක්

Sunday, 04 December 2011 11:11 administrator
යම් පුද්ගලයෙක් බඩගින්නට සබන් කනවා කියලා ඇහුවොත් ඔබ පුදුම වෙනවා නේද?
මේ අරුම පුදුම පුවක වාර්තා වෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයෙනුයි. ෆ්ලොරිඩාහි වෙසෙන 19 හැවිරිදි ටෙම්පෙස්ට් හෙන්ඩර්සන් නැමැති කළු ජාතික තරුණිය තමයි මේ අසාමාන් පුරුද්දට දැඩි ලෙසම ඇබ්බැහි වෙලා ඉන්නේ.ඇය සබන් හා සෝදන කුඩු යන දෙවර්ගයම කැමට දැඩි ලෙස ඇබිබැහි වෙලා ඉන්නා බවයි වාර්තා වෙන්නෙ.
"කෑම උයනකොට සුවඳ දැනෙද්දි කටට කෙළ උනනවා වගේ මට සබන් සුවඳ දැනෙද්දී කටට කෙළ උනලා පුංචි බඩගින්නක් දැනෙනවා ටෙම්පෙස්ට් පවසන්නේ කැදරකමින්"
මෙම තරුණිය හෙද සිසුවියක් වන අතර ඇය පවසන්නේ මෙම පුරුද්ද සෞඛයට දැඩි ලෙස අහිතකර බව තමන් දන්නා නමුත්කමා ඉන් මිදිමට නොහැකි ලෙස මෙම ක්රියාවට ඇබිබැහි වි සිටින බවයි.
සතියකට ඇය මේ ආකාරයට සබන් කැලි 05ක් පමන ආහාරයට ගන්නා අතර සෝදන කුඩු දිනපතාම පාහේ ආහාරයට ගන්නා බව පවසන ටෙම්පෙස්ට් මෙලෙස සබන් ආහාරයට ගැනීමෙන් තමන් වඩාත් පිරිසිදු වන බවට හැඟීමක් තමන්ට ඇති වන බව පවසනවා.
මේ පිළිබඳව තමන් දුකට පත් වන එකම සිදුවිම වන්නේ මේ පුරුද්ද නිසා පෙම්වතා තමා හැර යාම බව  කියන ටෙම්පෙස්ට් ඔහුගේ හැරයාමත් සමග ඇතිවු මානසික ආතතිය දුරුකර ගැනිම අදෙසා තමන් වැඩි වැඩියෙන් සබන් හා සෝදන කුඩු වලට ඇබ්බැහි වූ බව පවසනවා.
ඇයගේ මේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්යවරුන් පවසන්නේ මෙය PICA නම් රෝගි තත්ත්වය වන බවයි.මේ රෝගයට ගොඳුරු වු ඇතැමුන් ලෝහ කැබලි, කාසි,හුණු කැබලි,බැටර්,දත් බුරුසු පවා අහාරයට ගන්නා බව සදහන් කරනවා.නමුත් ඇය දිගින් දිගටම මෙම පුරුද්දේ නියැළී සිටියහොත් ඇගේ ජීවිතය දැඩි අවධානමකට ලක් වන බව වෛද්යවරුන් පවසනවා.
http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=650:girl-addicted-to-eating-soap-and-washing-powder&catid=31:foreign&Itemid=46

No comments:

Post a Comment