Saturday, October 29, 2011

භාෂා ප්‍රවීනතාවය සම්බන්දයෙන් හෙද නිලධාරීන්ට ඇති විධිවිධාන

මේ සහා හෙද නිලධාරීන්ට බල පවත්වනුයේ,
1998.12. 30 දිනැති රාඡ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 29/98
2007.02.09  දිනැති රාඡ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2007
2007.05.20  දිනැති රාඡ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 07/2007
2007.08.29  දිනැති රාඡ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 07/2007 (1) යන චක්‍රලේඛයන්ය.
එම චක්‍රලේඛ කිහිපයක් පහත දක්වා ඇත.

චක්‍රලේඛ අංක 03/2007











චක්‍රලේඛ අංක 07/2007








චක්‍රලේඛ අංක 07/2007 (1)



මීට අමතරව මෙම චක්‍රලේඛ පාදක කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් 2009.08.21 දින නිකුත් කර ඇති චක්‍රලේඛ ලිපියත්
2010.12.22 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඡෙනරාල් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ  ලිපියත් අදාල වේ. (ඒවා ඉදිරි ලිපියකින් බලමු)
මෙම රාඡ්‍ය පරිපාලන චක්‍රලේඛත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කල චක්‍රලේඛ  ලිපිත් සියල්ල පරිශීලනය කල විට අද සේවාවේ සිටින හෙද නිලධාරීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කල හැක. ඒ,
1. 2007.07.01 දිනට පෙර හෙද සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්,
2. 2007.07.01 දින හෝ ට පසුව හෙද සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්


2007.07.01 දිනට පෙර හෙද සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්
2007.07.01 දින හෝ ට පසුව හෙද සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්



ඔවුනොවුන්ට මෙම චක්‍රලේඛ ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස්ය.
2007. 07.01 දින හෝ ට පසුව හෙද සේවාවට බවා ගත් නිලධාරීන්ට දෙවන භාෂාවට ප්‍රවීනතාවය ලබාගැනීම බලපාන අයුරු

         2007.07.01 දින හෝ ට පසුව හෙද සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්ට 07/2007 චක්‍රලේඛ ක්‍රියාත්මක වන අතර(එම නිලධාරීන්ටත් ඉංග්‍රීසි භාෂාව සහා 29/98 අදාල වේ) ට පෙර බවා ගත් නිලධාරීන්ට 29/98 හා 03/2007 අදාල වේ.
         ඒ අනුව  07/2007 අදාල වන නිලධාරීන් හෙද සේවාවට බැී පලමු වසර පහ තුල සේවාවට බැුනු රාඡ්‍ය භාෂාවට අතිරේක වශයෙන් (සිංහල නිලධාරීන් දෙමල භාෂාවට, දෙමල නිලධාරීන් සිංහල භාෂාවට) අනෙක් රාඡ්‍ය භාෂාවට ප්‍රවීණතාවය ලබා ගත යුතුය. එලෙස ප්‍රවීනතාවය ලබා නොගන්නා නිලධාරීන්ගේ වැටුප් වර්ධක ප්‍රවීනතාවය ලබන තෙක් විලම්භනය කරනු ලැබේ. 07/2007 ඇමුණුම 1ට අනුව සියළුම හෙද නිලධාරීන් (111වන, 11වන, 1වන හා විශේෂ ශ්‍රේණිය) රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රාරම්භක කුසලතා මට්ටමේ පාඨමාලා (3 වන කාණ්ඩයේ) පරීක්ෂණයෙන් සමත් විය යුතුය.
        චක්‍රලේඛය අනුව හෙද සේවාවේ විශේෂ ශ්‍රේණිය හා  1 වන ශ්‍රේණියට (හෙද සොයුරියන්ට) ලබාගතයුතු දෙවන රාඡ්‍ය භාෂා ප්‍රවීනතා මට්ටම ප්‍රාරම්භක කුසලතා මට්ටමේ පාඨමාලා (3 වන කාණ්ඩයේ)පරීක්ෂණයෙන් සමත් වීම වුවත් නව හෙද ව්‍යවථාවට අනුව ඔවුන්ගේ පත්කිරීම් බලධාරීයා වන සෞඛ්‍ය ලේකම්වරයාට, ඔවුන්ට පැවරෙන රාඡකාරි අනුව විසින් ඔවුන් ට වඩා ඉහල ප්‍රවීනතා මට්ටමක් ලබා ගත යුතු යැයි අදහස් කරන්නේ නම් සෞඛය ලේකම් මගින් ආයතන අධ්‍යක්ෂ ඡෙනරාල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඉහල ප්‍රවීනතා මට්ටමක් තීරණය කරවා ගත හැකිය. (2007.07.01 දිනට පෙර හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබු දැනට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්වන හෙද නිලධාරීන්ට දෙවන රාඡ්‍ය භාෂාවට ප්‍රවීනතාවය ලැබීමට නම් රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන විශේෂ කුසලතා විභාගයෙන් සමත්වීම හෝ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සිංහල/ දෙමළ ප්‍රධාන විෂයන් ලෙස සමත්වීම සහ රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන කතන විභාගයකින් සමත්වීමත්  අවශ්‍යතා ලෙස දක්වා තිබීම සහ 07/2007  වක්‍රලේඛය බලපාන පවුල් සෞඛ්‍ය සේවාව, මහඡන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදී කණ්ඩායම් වලට රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන ද්වීතීක කුසලතා මට්ටමේ භාෂා පරීක්ෂණයෙන් සමත්වීම අනිවාර්ය කර තිබීමත් සමහරවිට හෙද සේවාවේ අවාසියට හේතුවිය හැක.)  
2010.12.14 අති විශෙෂ ගැසට් පත්‍රයේ පලවූ නව හෙද ව්‍යවස්ථාව මගින් ඉහත 07/2007 වක්‍රලේඛයට අනුව හෙද සේවාවේ බවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරනු ලැබීය.
හෙද ව්‍යවස්ථාවේ අදාල කොටස


         මේ අනුව 2007.07.01 දින හෝ ට පසුව දෙ සේවාවට පත්වීම් ලැබූ නිලධාරීන්ට (07/2007 බලපාන නිලධාරීන්ට) දෙවන රාඡ්‍ය භාෂාවට ප්‍රවීනතාවය ලබාගැනීම වෙනුවෙන් කිසිදු දීමනාවක් හෝ වැටුප් වර්ධකයක් හිමි නොවේ. ඒ වෙනුවට සේවාවට බැී පලමු වසර පහ තුල අදාල ප්‍රවීනතාවය නොලද හොත් ප්‍රවීනතානය ලබන තෙක් වැටුප් වර්ධක විලම්භනය කරනු ලැබේ. 2007.07.01 දිනට පෙර හෙද සේවාවට බැී 2007.07.01 දිනට ශ්‍රේණිගත උසස්වීම් ලබන (1 වන ශ්‍රේණියට හෝ විශේෂ ශ්‍රේණියට වැනි) සහ සීමිත කුසලතා බවා ගැනීම් වලින් හෙද සේවාවට පැමිණි හෝ හෙද සේවාවෙන් නික්ම ගිය (පවුල් සෞඛ්‍ය සේවාවෙන් හෙද සේවාවට පැමිණි හෝ හෙද සේවාවෙන් හෘද පෙනහළු නිවේශක තනතුරට ගිය ) වැනි නිලධාරීන්ට මෙම නියෝග බල නොපායි.

2007. 07.01 දිනට පෙර හෙද සේවාවට බවා ගත් නිලධාරීන්ට දෙවන භාෂාවට ප්‍රවීනතාවය ලබාගැනීම බලපාන අයුරු

     ඔවුන්ට අදාල වන්නේ 03/ 2007 හා 29/98 චක්‍රලේඛයි. ඔවුන් දෙවන භාෂාවට ප්‍රවීනතාවය ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැත. ප්‍රවීනතාවය ලබන නිලධාරීන්ට පහත පරිදි දීමනා ගෙවනු ලබයි.


          පරිපාලන කටයුතු වලට සම්බන්ද හෙද නිලධාරීන් දෙවන රාඡ්‍ය භාෂාවට ලබා ගත යුතු  (සිංහල නිලධාරීනට දෙමළ භාෂාවට) ප්‍රවීනතා මට්ටම 1 වන කාණ්ඩයයි. එනම් අ.පො.ස. සා/පෙළ විභාගයෙන් සිංහල/දෙමළ ප්‍රධාන විෂයයන් ලෙස සමත් වීම (දෙවන භාෂාව හෝ වෛකල්පිත විෂයක් ලෙස නොවේ) හා රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන කථන විභාගයකින් සමත්වීම හෝ මෙම කාණ්ඩය සදහා රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන විශේෂිත කුසලතා විභාගයෙන් සමත් වීම. (මේ අනුව පරිපාලන කටයුතුවලට සම්බන්ඳ සිංහල ‍ෙහද නිලධාරියෙක් අ.පො.ස. සා/පෙළ දෙමළ විෂය සමත්ව තිබුනද රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන දෙමළ භාෂාව සහා වන කථන විභාගයකින් සමත්වීමත්, අ.පො.ස. සා/පෙළ සිංහල විෂය සමත්ව ඇති දෙමළ නිලධාරීන් රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වන සිංහල භාෂාව සහා වන කථන විභාගයකින් සමත්වීමත්  අවශ්‍ය වේ.)
         තවද මෙහි පරිපාලන කටයුතු වලට සම්බන්ද හෙද නිලධාරීන් කවුද යන්න අර්ථ දක්වා නැත. ඒ අනුව 1 වන ශ්‍රේණි‍ෙය් හෙද නිලධාරීන් පරිපාලන කටයුතු වලට සම්බන්ද ද නැද්ද යන ගැටළුව පැන නගී.  පරිපාලන කටයුතු වලට සම්බන්ද යැයි ගතහොත් ඔවුන් 1 වන කාණ්ඩයේ ප්‍රවීනතාවය ලබාගත යුතු අතර පරිපාලන කටයුතු වලට සම්බන්ද නැතැයි ගතහොත් 3 වන කාණ්ඩයේ ප්‍රවීනතාවය ලබාගත යුතුයි.
        රඡයේ ආයතනයකින් ලබන පුහුණුව සහා පිරිවැය රඡය විසින් දරන අතර ඒ සහා එක් එක් නිලධාරියා රඡය සම ගිවිසුමකට එළඹිය යුතුයි. පුහුණුව අවසානයේ ප්‍රවීනතාවය ලබා නොගන්නා නිලධාරීන්ගෙන් රඡය දැරූ පිරිවැය ආපසු අයකර ගනු ලැබේ. තමා පෞද්ගලිකව පුහුණුව ලබා දෙපාර්තමේන්තු පරීක්ෂණයට මුහුණ දී ප්‍රවීනතාවය ලබාගන්නා විට සම්පූර්ණ පිරිවැය හෝ ඉන් කොටසක් රඡය මගින් ගෙවනු ලැබේ. එසේම ලබාගත් ප්‍රවීනතාවය වසර 05 කට වරක් රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නැවත අගැයුම් කොට නිර්දේශ නිකුත් කරනු ලැබේ. එම නිර්දේශ මත වැටුප් අමතර වැටුප් වර්ධකය කවදුරටත් ගෙවනු ඇත.
          රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන විභාගයට ප්‍රථම වතාවට මුහුණ දෙන අයදුම් කරුවන් පමණක් විභාග ගාස්තු වලින් නිදහස් කෙරේ. නැවත විභාගයෙන් කොටසකට හෝ සම්පූර්ණ විභාගයට මුහුණ දෙන අයදුම් කරුවන් රුපියල් 150ක මුදලක් ගෙවිය යුතුය.


        රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රාරම්භක කුසලතා මට්ටමේ පාඨමාලා (3 වන කාණ්ඩයේ) පරීක්ෂණයේ විෂය නිර්දේශය පහත පරිදිය.





         ඉංග්‍රිසි භාෂාවට දිරි දීමනා ගෙවීමේ වක්‍රලේඛ ඉදිරි ලිපියකින් සලකා බලමු. ඔබට මේ පිළිබව විමසිය යුතු යම් කරුණක් වේ නම් comment කරන්න. නැත්නම් nursekarapitiya@gmail.com වෙත Email පණිවුඩයක් එවන්න.
                                                                 

                                                                                         by nursekarapitiya

2 comments:

  1. Is there any payments for people who have a degree in English medium?

    ReplyDelete
  2. 29/98 චක්‍රලේඛයෙහි PDF දෙන්න..

    ReplyDelete