Sunday, October 2, 2011

“නිවැරදි නායකත්වයකින් තොරව කරන සටන් මග පාදනුයේ විනාශය කරාය. ” යන හෙදිමිෙණ් ලිපියට පිලිතුරක්

අතීතය අමතක නොකිරීම සත් ගුණයකි. නමුත් අතීතයේ සෞභාග්‍ය සහ සශ්‍රීකත්වය පිළිබව පාරමි බාමින්  වර්තමානය සහ අනාගතය උදෙසා කිසිවක් නොකර කට බලියා ගෙන සිටීම නමි අවාසනාවකි. අද ශ්‍රී ලංකා‍ෙවි හෙද සේවා‍ෙවි මහා වෘත්තීය සමිතිය යැයි කියා ගන්නා නමුත් කිසිදු මහා ක්‍රියාවක් නොකරන රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාඡික හෙද හෙදියනුත්, ඔවුන් සතු බලය අයුතු ලෙස භාවිතා කරන බැවින් සමස්ථ හෙද හෙදියන් මුහුණ පා සිටින්නේ පෙර කී අවාසනාවන්ත ඉරණමටයි.
          2011 සැප්තැමිබර් හෙදිමිණ කළාපයේ “නිවැරදි නායකත්වයකින් තොරව කරන සටන් මග පාදනුයේ විනාශය කරාය. ” යනුවෙන් ලිපියක් පළ කරමින් එහි කතුවරයා කියනුයේ අද මෙරට හෙද සේවයට පැමිණෙන හෙද හෙදියන් ඉතාම වාසනාවන්ත පිරිසක් බවයි. අතීතයේ නමි හෙද සේවාවට තම දූ දරුවකු ඇතුළත් කර ගැනීමට හැකි විණි නමි එය තම පවුලේත් ග‍ෙමිත් වාසනාවක් බව දෙමාපියන් නෑදෑයන් සිතූහ. සේවාවට පැමිණුන දූ දරුවන්ද පැමින ටික දිනකින්ම එම තත්වය අවබෝධ කරගත් අතර තම වෘත්තීය තත්වයන් ආරක්ෂා කරගැනීම සඳහා රාඡය සේවා එක්සත් හෙද සංගමයේ සාමාඡිකයන් බවට පත් වූහ.
          නමුත් අද හෙද විදුහලට ඇතුළත් වන ශිෂ්‍යයා ටික දිනකින්ම තම වෘත්තියේ ස්වභාවයත්, එය රැක ගැනීම සඳහා වෘත්තීය සමිති කරන කැපකිරීමත්, රාඡය සේවා එක්සත් හෙද සංගමයේ කරන පාවාදීමි වල ස්වභාවයත්, ඒ නිසාම සේවා‍ෙවි අස්ථිර අනාගත පැවැත්ම පිළිබඳවත් අවබෝධ කර ගනී. හැකි සෑම අයෙක්ම හෙද විදුහල් කාලයේදීම හෙද සේවාවට ප්‍රවිෂ්ඨ වීම අතහැර වෙනත් අතක් බලා ගනී. සේවාවට ඇතුළත් වූවන් එදා සිටම වෙනත් වෘත්තියකට මාරුවන්නේ කෙසේද යන්න හෝ රට හැර යන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සිටී. හෙද විදුහල් වලට බඳවා ගැනී‍ෙමි සමිමුඛ පරීක්ෂණවලට ප්‍රමාණවත් පිරිසක් අයදුමි කරන්නේ නැතැයි පවසමින් බඳවා ගැනී‍ෙමි සුදුසුකමි පහත හෙලන්නටද රඡය කිහිප වරක් උත්සාහ කළේය.
           මා ඔබෙන් ප්‍රශ්නයක් අසමි. අද හෙද සේවා‍ෙවි සිටින හෙද නිළධාරියෙක් හෝ නිළධාරිනියක් ලෙසට ඔබ ඔ‍ෙබි දරුවා රැකියාව ලෙස හෙද වෘත්තිය තෝරා ගන්නවාට කැමතිද? මම මෙම ප්‍රශ්නය හෙද නිලධාරීන් බොහෝ ගණනකගෙන් අසා ඇත්තෙමි. ඔවුන්ගේ පිළිතුරත් ඔබගේ පිළිතුර වන ‘නැත’ යන්නයි. ඔබ දරුවන් බිහිකිරීමට, ඔවුන් පෝෂණය කිරීමට, ඔවුන්ට ඉගැන්වීමට මුදල් හරි හමිබ කලේ හෙද සේවා‍ෙවි නියැලීමෙනි. නමුත් ඔබ අද ඔවුන් සේවාවට එනවාට අකමැති ඇයි. වෙනෙකක් තබා හෙද උපාධි අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමාපියන් පවා තම තෝරාගැනීමි පිළිබඳව කණගාටුවට පත්ව සිටිති.
           ‍ෙමි කියන කරුණු එකවරම පිළිගැනීමට ඔබ අතුරෙන් සමහරෙක් මැලිවන බව සහ ප්‍රකෝප වී මා හට ගල් මුල් වලින් දමා ගසන බව මම දනිමි. නමුත් මා කියන දේ ප්‍රායෝගිකව ඔබ විසින්ම සොයා බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි. ඔබට ලැබෙන ‍ෙමි
කණගාටුදායක පිළිතුරට මූලික හේතුව රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හතලිස් වසරක කෙරුවාවයි.
           සුදුසු වැටුපක්, පිළිගත් රාඡකාරි මාලාවක්, නිවැරදි උසස් වී‍ෙමි ක්‍රම‍ෙවිදයක්, ඉහලට අධ්‍යාපනය ලැබී‍ෙමි හැකියාවක් නොමැති පසුගාමී වෘත්තියකට තම දරුවන් එවීමට කැමති කවර නමි දෙමාපියෙක්ද? කවුරුන් කෙලෙස ඔබ රවටන්නට සීනි බෝල කතන්දර කීවත් අද හෙද සේවා‍ෙවි හෙද හෙදියන් ඒ අභාග්‍ය සමිපන්න අත්දැකීමට මුහුණ දෙමින් කර කියා ගත හැකි දෙයක් නැතිව, බඩුත් හාමුදුරුවන්ගේය, නඩුත් හාමුරුවන්ගේය ලෙස සිතමින් ඡීවත් ‍ෙවි. නමුත් හෙදමිණ අපට කියන්නේ වෙනත් බොහෝ සේවාවන් හා සාපේක්ෂව විමසන විට හෙද හෙදියන්ගේ ආර්ථික මටිටම පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවත් සමාඡයේ ඉහළ පිළිගැනීමක්ද ඇති බවත්ය.
           ‍ෙබි මාස අවසාන පඩිපත අතට ගෙන බලන්න. මූලික වැටුප කීයද? හෙදිමිණ කියන අයුරින් සෑහීමකට පත්විය හැකිද? ඔබ දරු මල්ලන්, ස්වාමිපුරුෂයා අමතක කරමින්, නිදිවරමින් අතිකාල සේවයේ, නිවාඩු දින සේවයේ යෙදී උපයාගත් මුදල කීයද? ඔබට සතුටක් ඇති‍ෙවිද?
ඇත්තටම නිවාඩු දින සේවයේත් අතිකාල සේවයේත් වෙනෙකක් තබා පොහෝ දින පවා සේවයේ යෙදීමට සිදු වූයේ සේවා අවශයතාවය නිසා විතරමද? තවත් අනිකාල පැය කිහිපයක්, නිවාඩු දින රාඡකාරියක් කරගැනීමට අවස්ථාව නොදුන් in charge nurse හෝ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් පිළිබව ඔබට තරහක් ඇතිවනු ඇත. නමුත් සොචිචමි මුදලකට ඔබ වහල් සේවයේ යොදවන්නට ඉඩදී සැප විිමින් නිහව සිටින, ඒ මදිවාට මතුවන අරගල පවා පොඩිපටිටමි කර දමා පාලකයින්ට ආවඩන වෘත්තීය සමිති නායකයින් පිළිබව ඔබට තරහක් ඇති නො‍ෙවිද? එලෙස ඇති නො‍ෙවි නමි එක්කෝ ඔබ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ඵළ වලින් එකක් ලබා ඇත නැත්නමි ප්‍රතිකාර ගත යුතු මානසික ගැටළුවක් ඔබ සතුව ඇත.
          එසේනමි අප නැවතත් ගමන් කරමින් සිටින්නේ වහල් යුගය කරා නො‍ෙවිද? පැය දොලහක් නිදිවරමින් රෝගීන් රැක බලා ගන්නා අප රාත්‍රී පැයටත් දිවා පැයටත් අමතර සේවා ලෙස ලබන්නේ සමාන මුදලකි. එයද රුපියල් 70ක් 80ක් තරමි සුළු ගණනකි. නමුත් අප ගන්නා ආකාරයේ කිසිදු අවදානමක් නොගන්නා තැපැල් සේවාව, දුමිරිය සේවාව, විදුලි බල මණ්ඩලය ආදියේ පැයට පැය දෙකක ප්‍රමානයෙන් අතිකාල ගෙවන බව ඔබ දන්නවාද?  රාඡ්‍ය සේවා එක්සත් හෙද සංමයේ හෙදියන්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවාය යන ප්‍රකාශය නොපැකිලව පිලිගැනීමට ඔබ සූදානමිද?එසේනමි ‍ෙමි  බොරු ‍ෙබිගල් ඇද බාමින් හෙද හෙදියන් රවටන්නට උත්සාහ කරන්නේ ඇයි? පිළිතුරු ඔබ සතුය.
          සමාඡයෙන් හෙද හෙදියන්ට ලැබෙන පිළිගැනීම නමි ඉතා පැහැදිලිය. රූපවාහිනිය, පුවත්පත්, චිත්‍රපට, වෙළ දැන්වීමි හරහා හෙදියන්ගේ භූමිකාව ‍ෙමි යැයි පෙන්වමින් අපගේ ඇස් පනාපිට ප්‍රකාශ කරන්නේ හෙදියට ඇති සමාඡ පිළිගැනීමයි. මක්නිසාද යත් හෙදියගේ භූමිකාව මාධ්‍ය තුල අඩු ලංසුවට ගොඩනගන ‍ෙමි මාධ්‍ය කරුවන් සමාඡයේ හොින් තෙමිපරාදු වී ඇති සමාඡයේම පැතිකඩක් වන බැවිණි. සමහර පුවත්පත්, රූපවාහිනී නාලිකා හෙද නිලධාරීන් හුන්වන්නේ හෙද සේවකයන් ලෙසිනි. චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදියේ, හෙදිය ඇ ඉහපතක් අතේ තබාගෙන වෛද්‍යවරයා පසුපස සන චරිතයකි. සමාඡ මතය මෙසේ බි වැටුනේ ඇයි? අප කාටවත් බිය නැතැයි, අපට නෑම දෙයක් කළ හැකි යැයි පවසන සංගමි සමාඡ මතය එසේ බිඳවැටෙන්නට ඉඩ දී බලාසිටියේ ඇයි? 06/2006 චක්‍ර ලේඛනයේ විෂමතා නිවැරදි කර නොගැනීම, වෛද්‍ය සංගමයේ අතපෙවීමි හමු‍ෙවි නිවට නියාළුව බලාසිටීම, ඉඳුල් පිඟන් සෝදා දෙන්නැයි ඉල්ලමින් වර්ඡනය කිරීම, සැමදාම වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර ඡන මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදී හොර රහසේම ඒවා හකුලා ගැනීම, අනෙකුත් හෙද සංගමි වල ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට පාලකයන් සමඟ එකතුවී රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක්‍රියා කිරීම ‍ෙමි බිඳ වැටීම සඳහා හේතු නොවී යැයි ඔබට තර්ක කළ හැකිද?  
         එදා හෙද නිලධාරියාට පත්වීම ලැබෙන ස්ථානය කුමක් වුවත් එම ස්ථානයට ගොස් පත්වීමභාරගත යුතු විය. නැත්නමි සේවය හැර ගියා සේ සලකන ලදි. ඔය කියන වෘත්තීය සමිතිය තම හිතවත්ම සාමාඡිකයන්ට වාසි සැළසෙන අයුරින් එම ක්‍රමයේ වෙනසක් ඇතිකළ බව ඇත්තය. නමුත් ඒ නිසා අද ඇතිවී තිබෙන කණගාටුදායක තත්වය ඔබට පැහැදිලිද?  නෑම රාඡ්‍ය සේවකයෙක් පළමු පත්වීම ලබාගැනී‍ෙමි දී ලංකා‍ෙවි ඕනෑම ස්ථානයක සේවය කිරීමට බැී සිටී. එසේම හෙද විදුහලේ තුන්වන වසර අවසන් පරීක්ෂණයේදී ලබා ගන්නා කුසලතා මටිටම අනුව සහ තමාගේ ඉල්ලීම අනුව පත්වීම ලැබෙන ස්ථානය තීරණය වෙයි. ඒ අනුව තමාට ලැබෙන්නේ යාපනය රෝහල නමි එය වෙනස් කර වනත් ස්ථායක් ලබා දී එම රෝහලට හෙදියක අඩුකිරීම හෝ කුසලතා මටිටම වැඩි යාපනය රෝහල ඉල්ලා නැති නිලධාරියෙකු නියමිත ස්ථානය වෙනස් කොට යාපනය රෝහලට පත්කොට යැවීම කවර වෘත්තීය සමිතිය කලත් සාධාරණද? ‍ෙමි ආකාරයේ වැඩ නිසා අයතා ක්‍රියා රාශියක් පත්වීමි ක්‍රියාවලිය තුළ බලය අතේ ඇත්තන් විසින් කරනු ලබයි.
          අනෙක් අතට අද යාපනය රෝහලට හෙදියන් දහසකට වඩා අවශ්‍යතාවය තිබුණත් සිටින්නේ තුන්සිය ගණනකි. ඒ ‍ෙමි  වෘත්තීය සමිති කරන අමනෝ ක්‍රියාවලියේ ප්‍රතිඵළ ලෙස සෑම කණ්ඩායමකින්ම යාපනය රෝහලට පත්වීමි ලබන්නන් ප්‍රධාන වෘත්තීය සමිතිය පසුපස ගොස් සාමාඡිකයන් වී ස්ථාන මාරැ සාදාගෙන වෙනත් ස්ථාන වලට යාම හේතුවෙනි. ‍ෙමි නිසා අද යාපනයේ හෙද හෙදියන් ඉල්ලා සිටින්නේ කලා විෂය ධාරාවෙන් හෝ සිසු හෙද හෙදියන් බවා ගෙන පුහුණුකර හෙද නිලධාරීන් ලෙසට යාපනය රෝහලට පත්කර එවන ලෙසයි. මෙලෙස කලා විෂය ධාරාවෙන් සිසුහෙද හෙදියන් බවා ගතහොත් එය හෙද සේවා‍ෙවි වා ගැනී‍ෙමි සුදුසුකමි පහල හෙලිමකි. එය අළුතෙන් සමිමත වූ හෙද පනතටද පටහැනිය. බවා ගැනී‍ෙමි දී යාපනයට කරන දේ අනෙක් ප්‍රදේශ වලට ආදේශ නොකරාවි යැයි කිව හැකිද? කලා අංශයෙන් බවා ගෙන යාපනය රෝහලට පත්වීමි ලද කණ්ඩායමක් වුවත් රාඡය සේවා එක්සත් හෙද සංගමයේ සාමාඡික වී ඡාතික රෝහල වැනි ස්ථානයක් ඉල්ලුව හොත් එම කණ්ඩායමටම වුවත් ස්ථාන මාරු සාදා නොදේවි යැයි ඔබට විශ්වාසද? වගකිව යුතු වෘත්තීය සමිතියක කාර්යභාරය විය යුත්තේ වැරදි පාරෙන් පත්වීමි ලබා දීම නවතා ලීමද? සේවා තත්වයන් පහල දමමින් කලා අංශයෙන් හෙද හෙදියන් බවා ගැනීමට ඉඩදීමද? අද හෙද ප්‍රඡාව භුක්ති විින සෑම සේවා වරප්‍රසාදයක්ම සේවා අයිත්වාසිකමක්ම පාහේ ඉකුත් දශක හතර තුල රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෘත්තීය අරගල වල ප්‍රථිඵල ලෙස ලැබූ ඒවා බව ලියුමිකරු පවසයි. එවිටම මෙන්න ‍ෙමි  ඡයග්‍රහණත් හෙද හෙදියන් ලෙස ඔබේ මතකයට ආ යුතුයි.
·        සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා හෙද ශිෂ්‍යයන්ගේ පාඨමාලා කාලයෙන් පැය 804ක් කප්පාදු කිරීම.
·        හෙද උපාධි පාඨමාලා විශ්වවිද්‍යාලවල ආරමිභ කරනවාට විරෝධය පලකරමින් ඡාතික හෙද අධ්‍යාපන ආයතනය නමි පනතකට පමණක් සීමා වූ සිහිනය හරහා සියළුම හෙද හෙදියන්ට උපාධි ප්‍රධානය කරන බවට බොරු වැපිරීම.
·        වෛද්‍ය සංගමයේ උවමනාවන්ට අනු හෙද උපාධි කාලය වසර හතරේ සිට තුන දක්වා අඩු කරන තෙක්ද විෂය මාලා‍ෙවි දාත්‍රී භූත්‍ය හා නාරි‍ෙවිදී කොටස් පිරිමි සිසුන්ට ඉගැන්වීමෙන් ඉවත් කරන තෙක්ද ගොළුවන් බිහිරන් සේ සිටීම.
·        විශ්ව විද්‍යාලයෙන් පිටවන හෙද උපාධිදරයා රෝහල් සේවාවට එපා යැයි ප්‍රතික්ෂේප කිරීම සහ එම උත්සාහය ව්‍යර්ථ වූ විට ඔවුන් හෙද විදුහලෙන් පිටවී පත්වීමි ලබාගන්නා හෙද නිලධාරියාගේ වැටුප් තලයේම තබන්නට යෝඡනා කිරීම. (හෙද සේවාවට උපාධි වැටුප එපා යැයි කීම)
·        06/2006 චක්‍රෙල්ඛණයෙන් රාඡ්‍ය සේවාව දෙකඩ කොට හෙදිය අතිශය ‍ෙබිදනිය තැනකට වැටෙද්දී සහ රාඡ්‍ය සේවා‍ෙවි අනෙක් සේවකයින් එය නිවැරදි කරගන්නට අරගල කරද්දී කටබලියාගෙන පමනක් නොසිට රාඡ්‍ය සේවකයින්ගේ සටන කඩාකප්පල් කිරීමට සියළු උත්සාහයන් දැරීම.
·        නව හෙද පනත සමිමත කර ගැනීම තුලින් හෙද නිලධාරියාගේ තත්වය තවත් පහලට යද්දී නිශ්ශබිදව සිටීම.
        තවත් කීයක් නමි ති‍ෙබිද?  කොටින්ම ‍ෙමි ලිපිය කියවූ ඔබෙන් අපි ‍ෙමි‍ෙස් අසමු. දශක හතරක රාඡ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉතිහාසයේ පසුගිය දශක එකහමාර තුල හෙදියන්ට ලබාදුන් එකදු ඡයග්‍රහණයක් කිව හැකිද? එවැනි දේ තිබුනේ නමි ඒවා ‍ෙමි ලිපියේ සහන් නොකලේ මන්දැයි බුද්ධිමත් ඔබ විසින් විමසා බැලිය යුතුය.  අහිමි කරගැනීමි නමි කීයක් කිව හැකිද?       
by nursekarapitiya

No comments:

Post a Comment