Wednesday, October 12, 2011

ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?

 

2011 ඔක්තෝබර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?
මහාචාර්ය අර්ජුන් ද සිල්වා පත් කිරීමේ තීරණයක්
2011 සැප්තැම්බර් මස 30 11:18:09 | නාමල් පතිරගේ
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් කියවුණේ ඊයේ (29) සිට බල පැවැත්වෙන පරිදි ඔහු ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා තීරණය කර තිබූ බවයි. ඒ වෙනුවට මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි ධුරයට පත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව දැන ගන්නට ඇත.
වසර ගණනාවක් පුරා එම තනතුර හෙබවූ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඉවත් කිරීමට කී‍්‍රඩා ඇමැතිවරයා තීරණය කළේ ඔහුට එල්ලවී තිබෙන බව කියන චෝදනා කීපයක් නිසා බවද දැන ගන්නට ඇත.
ජාතික ක‍්‍රීඩා විද්‍යාතනයේ සේවය පිළිබඳ නොසතුටට පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් ද ඔහු ඉවත් කරන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද මේ අතර දැන ගන්නට ඇත.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවසුවේ මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දිගින් දිගටම තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ඇතුළු කරුණු  කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගේ සේවය පිළිබඳ පසුගිය කාලයේදී ක‍්‍රීඩා ඇමැතිවරයා  නොසතුටට පත්ව සිටි බවයි.
විශේෂඥ වෛද්‍ය මෙන්ඩිස් මහතා ජාතික තහනම් උත්තේජක ආයතනයේත් ගිනස් ලෝක වාර්තා ශ්‍රී ලංකා අධීක්ෂණ කමිටුවේත් දැනට සභාපති ධුර දරයි. ක‍්‍රීඩා  අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත් කෙරෙන මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට  අනුයුක්ත කරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
 ගීතාංජන මෙන්ඩිස්

No comments:

Post a Comment