Sunday, October 30, 2011

දෙවන රාඡ්‍ය භාෂාවට සෞඛ්‍ය වෛද්‍ය නාලධාරීන්ටත් වඩා වැඩි ප්‍රවීනතාවයක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන්ට අවශ්‍යද?

රාඡ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ 07/2007 චක්‍රලේඛය අනුව දෙවන රාඡ්‍ය භාෂාවට ප්‍රවීණතාවය ලබාගැනීම සහා වෛද්‍යවරුන් සියළුදෙනාම ලබාගතයුත්තේ රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන විභාගයේ ප්‍රාරම්භක කුසලතා මට්ටමේ ප්‍රවීණතාවය හෙවත් 3වන කාණ්ඩයට අදාල ප්‍රවීණතාවයයි. මෙය දෙවන රාඡ්‍ය භාෂාව පිලිබ අඩුම ප්‍රවීණතාවයයි. නමුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන්, මහඡන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  රාඡ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන විභාගයේ ද්විතීක කුසලතා මට්ටමේ භාෂා පාථමාලා පරීක්ෂණයෙන් සමත්වීම හෙවත් 2වන කාණ්ඩයට අදාල වන ප්‍රවීණතාවය ලබාගැනීම අවශ්‍යය වෙයි. මෙය  ප්‍රාරම්භක කුසලතා මට්ටමේ ප්‍රවීණතාවයට වඩා වැඩි ප්‍රවීණතාවයකි.
ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුබද්ධව වැඩකරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයාට (MOHට) වඩා වැඩි ප්‍රවීණතායක් දෙවන රාඡ්‍ය භාෂාව වෙනුවෙන් එම කාර්යාලයටම අනුබද්ධව වැඩකරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීය ලබාගත යුතු වෙයි. තවද එය මහඡන සෞඛ්‍ය හෙද සොයුරිය (Public Health Nursing Sister) ලබාගතයුතු ප්‍රවීණතාවයටද වඩා වැඩි ප්‍රවීණතාවයකි.
මෙය කොතෙක් දුරට ගැලපේද? විමසා බැලීම ඔබ සතුය.         

No comments:

Post a Comment