Saturday, October 1, 2011

සෞඛ්යා අමාත්යංුශයේ ප්රාගතිය ජනපති හමුවට

Saturday October 1st 2011
Rangiri Sri Lanka Radio

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රගති සමලෝචනය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කෙරිණි. ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අමාත්‍යංශය පසුගිය වසර එකහමාර තුළ ක්‍රියාත්මක කර පවත්වාගෙන යන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මෙහි දී කරුණු ඉදිරිපත් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව  හඳුනාගත් දුෂ්කර ප්‍රදේශවල ද වතුකරයේ ද ජනතාවට මනා සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි. මෙමඟින් දිවයින පුරා ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. රෝහල්වල යටිතල පහසුකම්, ඖෂධ, වෛද්‍ය උපකරණ පහසුකම් මෙන්ම ගුණාත්මක වෛද්‍ය හා හෙද සේවාවක් ලබාදීම කෙරෙහි ද නව රෝහල් ඉදිකිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් සකස් කරන ලද රෝහල් අඩුපාඩු හා ඒවා අවම කරගත හැකි යෝජනා ඇතුළත් වාර්තාවක් ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදි. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සියළු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරු මෙන්ම මැති ඇමතිවරු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(සෞ:අ:-කුමුදු)

No comments:

Post a Comment